Sunday, May 6, 2012

ගගේ සැඩ පහර මැදදී අසු මාරු කිරීම

මේ කවුද? මේ මොකක්ද වෙන්න යන්නෙ. කරන්න හදන්නෙ 
ගගේ සැඩ පහර මැදදී අසු මාරු කිරීම
විදේශ කටයුතු අමාත්‍යාංශය තමාට කියුබාවෙන් හෝ බ්‍රසීලයට ස්ථාන මාරුවක් යෝජනා කර ඇතැයි එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කුනනායගම් පැවසුවාය.



ඇය මේ බව පැවසුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට බීබීසී සංදේශයට අදහස් දක්වමිනි.

තමා ජිනිවාහී නිත්‍ය නියෝජිත පදවියෙන් ඉවත් කළහොත් එය ශ්‍රී ලංකාවේ දෙමළ හා සිංහල ජනතාව අතර අර්බුදයක් ඇති බව තමරා කුනනායගම් බීබීසී සේවයට පවසා තිබේ.

ඇය පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාව ස්ථාන මාරුවක් සදහා සුදුසු නොවන බැවින් යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

තමා වෙනත් තානාපති කාර්යාලයකට මාරු කළහොත් එය වැරදි ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරිම නිසා ලැබුණු දඩුවමක් ලෙස ඇතැමුන්ට විග්‍රහ කළ හැකිවනු ඇතැයි ද ඇය පෙන්වා දෙන්නීය.

තමරා කුනනායගම් පවසා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගේ අනාගතය ඔවුන් විසින්ම තීරණය කරගනු ලැබීම වෙනුවෙන් තමා සටන් කළ බවය.

තමා පදවියෙන් ඉවත් කළහොත් එය අමෙරිකාවේ ජිනීවා නගරයේදි ගෙන ආ යෝජනාවලට එරෙහිව සටන් කරනවාට වඩා සම්මුතිවාදී පිළීවෙතක් අනුගමනය කළ යුතු යැයි කී පිරිස්වල ජයග්‍රහණයක් වනු ඇතැයි ද තමරා කුනනායගම් පැවසුවාය.

දෙවසරක ධූර කාලයක් සදහා තමන් පත් කෙරුණු අතර ගතව ඇත්තේ මාස නවයක කාලයක් පමණක් බව පවසා ඇති ඇය, තමා ඉවත් කළහොත් තුන්වසරක කාලයක් තුළ ජිනීවා පදවිය සදහා ශ්‍රී ලංකාවෙන් පත් කෙරුණු තානාපතිවරුන්ගේ සංඛ්‍යාව 4 දෙනෙකු වනු ඇතැයි ද පෙන්වා දී තිබේ.

මෙම මාරුවීමේ යෝජනාව ගගේ සැඩ පහර මැදදී අසු මාරු කිරීමක් හා සමාන බවත් ඇය සදහන් කළාය.

ශ්‍රී ලංකා රජය සම්පාදනය කළ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව ලබන නොවැම්බර් මස 01වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරිමට නියමිතව තිබේ.

ජුනි සහ ඔක්තෝම්බර් මාසවලදි මානව හිමිකම් සැසිවාර දෙකක් ද පැවැත්වීමට නියමිතය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධඡාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම පිළිබඳව අවධානය යොමු කෙරෙන සැසිවාරය ලබන මාර්තු මාසයේදි පැවැත්වේ.

තමරා කුනනායගම්ට ස්ථාන මාරුවක් යෝජනා කර ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම පැවසුවේ, තමරා කුනනායගම්ට ස්ථාන මාරුවක් පිළිබඳව ලිඛිතව දැනුම්දීමක් කර නොමැති බවය.

රාජකාරි අවශ්‍යතා මත වරින් වර ස්ථාන මාරු සිදුකරන බව ද ඔහු සදහන් කළේය.



Tag: තමරා කුනනායගම්
http://www.newsfirst.lk/sinhala-news/?view=news_more&id=7132

No comments:

Post a Comment