Sunday , 13 May 2012

ගසාගෙන ගිය වන අලියාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගැනිණි.
වන අලියා අරලගංවිල ප්‍රදේශයේදී ඉසෙඩ් ඩී ඇල මාර්ගයට වැටුණේ පසුගිය 11වැනිදාය.
වනජීවි නිලධාරීන් අලියා බේරාගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වූයේ අලියා සැඩපහරට හසුව ගසාගෙන යාම හේතුවෙනි.
අද පෙරවරුවේ වනජීවි නිලධාරීන් එම අලියාගේ සිරුර සොයා ගත්තේ අලියා ඇලට වැටුණු ස්ථානයේ සිට කිලෝමීටර 6ක් පමණ දුරකින් පිහිටි සෙවනපිටිය ප්‍රදේශයේදීය.
අලියාගේ සිරුර ඇල මාර්ගයේ සොරොව්වක සිරවී තිබූ අතර වනජීවි නිලධාරීන් මැදිහත් වී එය ඇලෙන් පිටතට ගනු ලැබිණි.
Tag: ඉසෙඩ් ඩී ඇල, වන අලියා
http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=7241