Thursday, May 24, 2012

ප්‍රානය රෑක ගැනිමටත් හා සමහර අවස්ථා වලදී ප්‍රානය නැතිවිමටත් ඒනැ ජලය.

ජලයේ ගිලුනු විට පලමුවෙන්ම කල යුතු දේ                                                                                                 
                                                                                                                                                                            
   
    ජලය ගැන දෙසූ බුදු වදන්

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති,
ශ්‍රී සද්ධර්ම වාගීශ්වර,
ධර්ම විශාරද, මාධ්‍ය කලා කීර්ති,
නාලන්දේ විමලවංශ හිමි

ජීවින් හටගෙන ඇත්තේ ජලය ආශ්‍රයෙන් බව නවීන විද්‍යාඥයන්ගේ මතයයි. අණ්ඩජ, ජලාබුජ, ඕපපාතික, සංසේදජ වශයෙන් සතර ආකාරයකට සත්ත්වයන් හට ගන්නා බව බුදුහු වදාළහ. මනුෂ්‍ය රුධිරයෙහි වැඩි ප්‍රතිශතයක් ජලය අඩංගු වැ තිබේ. ජලය මිනිසාට අත්‍යවශ්‍ය දෙයකි. ජලය නොමැති වීම හෙවත් විජලනය නිසා, මරණයට පත් විය හැකිය. පිරිසිදු පානීය ජලය නොමැතිවීම අනාගතයෙහි බලවත් ප්‍රශ්නයක් වනු ඇත. ඉන්ධන ප්‍රශ්නය මෙන්මැ ජල ප්‍රශ්නය ද අනාගතයෙහි උග්‍ර වන බැවින් විද්‍යාඥයෝ දැන් සිටම එයට විසඳුම් සොයමින් සිටිති. අනතුරු ඇඟවීම් කරති. අතීත සිංහලයා මෙම ප්‍රශ්නය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ බව අපේ ඉතිහාසය සාක්ෂි දරයි. අහසින් වැටෙන එක ජල බිඳුවක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොතැබූ ඔව්හු, සමුදුරු වැනි ජලාශ ඉදි කළහ. ස්වාභාවික පරිසරයට අංශු මාත්‍රයක හානියක් නොවන පරිදි වාරිමාර්ග සකස් කළහ. අපි වර්තමානයේ ද එම වැව් වලින් සිසිල ලබන්නෙමු. ගොවිතැන් කරමින් දිවි පෙවත ගෙන යන්නෙමු. අග්‍ර ශෂ්‍ය පුදන්නෙමු. වැවෙන් නෙළා ගත් පස් පියුමෙන් සමිඳු පුදන්නෙමු.

ැන් පූජා කිරීම මහගු පිංකමකි. ළිං පිහිළි කැරවීම මෙත් මුනිදු දකින පින්කමක් බව මෛත්‍රී වර්ණනාවෙහි සඳහන් වෙයි. පැන් පිදීමේ අනුසස් දත් පැරණි සිංහල රජ, ඇමැතිවරු, ප්‍රභූවරු වැව් පොකුණු කැරවා සඟ සතු කැර පිදූ බව සෙල් ලිපි වල සඳහන් වේ.

‘නත මහ රජයහ තිකණත විහරහි පුණකොඩින වවිත දිනි’ (ක්‍රි. ව. 136 – 143) ‘දියබැට්ට විහාරයේ’ මහානාග රජතුමා විසින් තිකනත විහාරයට ‘පුණකොඩක’ වැව දුන්නේ ය.

කරඳහෙල ලිපියට අනුවැ, ‘හබුතගල විහිරහි උවසික පුස තුමහ හමණවීර වවි ස ගස දිනෙ’ පුස වසභ රජ තුමා, කුමාරධාතුසේන රජතුමා, 4 වන කාශ්‍යප රජතුමා, 4 වන මිහිඳු රජතුමා වැව් පූජා කළ බව සෙල් ලිපි වල සඳහන් වේ. පැන් පූජාවේ අනුසස් වටහා ගත් පැරණි සිංහලයා තම ගෙමිදුලෙහි සතුන් සඳහා පැන් භාජනයක් තැබුවේ ය. ගෙදරට එන අමුත්තන්ට පළමුව පිළිගැන්වූයේ පැන් බඳුනකි. මහ මග යන එන්නන්ගේ පිපාසය සංසිඳවා ගනු පිණිස පැන් කළයක් තැබීම උසස් පින්කමක් වශයෙන් සැලකූහ. එය ‘පැන්තාලිය’ නොහොත් ‘පිංතාලිය’ වශයෙන් හඳුන්වයි. වර්තමානයේ ද ඇතැම් ප්‍රදේශ වල මෙය දැකිය හැක. මියැන්මාරයේ ඉතා සුලභව දැකිය හැක. තෙත වැලි බඳුනක් මත මැටි කළයකට ජලය පුරාවා මහ මඟ තැබීම ඔවුන්ගේ උසස් ගුණයකි.

විහාර දේවාල වල වාර්ෂික නානුමුර මංගල්‍ය පැවැත්වීම පුරාතන චාරිත්‍රයකි. පෙරහර අවසන දිය කැපීමේ මංගල්‍යය ද පවත්වති. ළිඳක් කැපූ පසු එයින් ලැබෙන පළවැනි ජලය විහාරයට, බෝධියට පිදීම සිංහල බෞද්ධයාගේ උතුම් චාරිත්‍රයකි. විවිධ අසනීප වල දී පිරිත් ගාථා වලින් පැන් මතුරා දීමෙන් සුවය ලබා ගත්හ. ගොවිපලට ඇති වන කෘමි සහ පණු උවදුරු වල දී පැන් පිරිත් කැර ඉසීමෙන් බවබෝග ආරක්ෂා කැර ගත්හ. රටට සිදුවන දුර්භික්ෂ අවස්ථාවන් හි පිරිත් කියමින් පිරිත් පැන් ඉසින ලද බව ඉතිහාසයෙහි සඳහන් වේ. මංගල සම්මත අවස්ථාවන්හි අතපැන් වත් කිරීමටත්, මිය ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කැරෙන අවස්ථාවන්හි දීත් පැන් උපයෝගී කැර ගනියි. බුදු දහමින් පෝෂණය ලැබූ පැරණි සිංහලයා ජලය පිළිබඳ එවන් ප්‍රතිපත්තියක් අනුගමනය කළේ සැබවින්ම බුදු දහමෙහි ජලයෙහි අගය පෙන්වා දී තිබෙන නිසා ය. එනමුත් මිනිසා ජලයෙහි වටිනාකම තේරුම් නොගෙන කටයුතු කරති. ඒ නිසාම ජල දූෂණය, ජල හිගය ලෝකයට බලපාන ප්‍රශ්නයක් බවට පත්වැ ඇත. ලෝකය ජය ගන්නට, එය වෙනස් කරන්නට උත්සාහ කරන වත්මන් මිනිසාට අපූරුතම පණිවුඩයක් දෙන්නේ මෙයට වසර දෙසියයකට පමණ පෙර විසූ රතු ඉන්දියානු ගෝත්‍රික නායකයකු වන ‘සියටැල්’ නැමැත්තා විසිනි. ඔහු මෙසේ පවසයි.

‘මහ පොළව අපේ මව් පියෝ වගෙයි. ගලන ගංගා අපේ සහෝදරයෝ. ඒ නිසා අපගේ සහෝදරයන්ට දක්වන කරුණාව ගංගාවලට දක්වන්නට ඕන. අපේ පිපාසය නිවන්නෙ ගංගා. අපේ ඔරු ගෙන යන්නෙ ගංගා. අපේ අඹු දරුවන්ට කන්න දෙන්නෙ ගංගා. ඒ නිසාම ගංගා අපේ සහෝදරයෝ. උල ලේනියකගේ හඬට, රාත්‍රියට විලක් වටේ කෑ ගහන ගෙම්බන්ගේ හඬට ඇහුම්කන් දෙන්න බැරිනම් ඒ ජීවිතයේ අර්ථය මොකක්ද? විලක ජලය තවරාගෙන හමන සුළඟටත්, එහි නාදයටත්, වැස්සෙන් පිරිසිදු වුනු, එහෙමත් නැත්නම් වනයේ සුවඳ රැගෙන එන සුළඟටත් අපි ආදරය කරමු... ‘එදා නොදියුණුය’ යි කියන ගෝත්‍රික නායකයකු පැවසූ මෙම අදහස් වත්මන් මිනිසාට කොතෙක් දුරට සමීප විය යුතුද යනු දැන්වත් සිතා බැලිය යුතුය.

බුදු දහමින් පෝෂණය වූ ලක් වැසියා ජලය පිළිබඳ උතුම් ප්‍රතිපත්ති සමුදායක පිහිටා කටයුතු කළේ සැබවින්ම බුදු දහමෙහි ජලයෙහි වටිනාකම පෙන්නුම් කැර තිබෙන නිසා ය. අප බුදු රජාණන් වහන්සේ ජලය උපමාවට ගනිමින් ධර්ම දේශනා සිදු කළහ. ‘ජලය නමැති වාසස්ථානයෙන් ගොඩ දමන්නා වූ මත්සයකු පරිද්දෙන් මේ සිත සැලෙයි’ – වාරිජෝව එලේතිත්තෝ... “මනාසේ සෙවිලි නොකළ ගෙයක් වැසි ජලය විනිවිද යන්නාසේ” දිය ගෙන යන්නෝ කැමති තැනකට දිය ගෙන යති. එමෙන් නුවණැත්තෝ තමන් දමනය කැර ගනිති. ‘යථාපි රහදෝ ගම්භීරෝ විප්පසන්න අනාවිලෝ...’ යම්සේ මහා සමුද්‍රයෙහි ජලය ගැඹුරු කොටසෙහි විශේෂයෙන් පෑදුනේ ද, එමෙන් පඬිවරු ධර්මය අසා පැහැදෙති. ‘ජින්න කොඤ්වාච ක්‍ධායන්ති, ඛීන මච්චේච පල්ලලේ, බඹසර නොහැසුරුනු, ධනය හරි හම්බ නොකළ පුද්ගලයා දිය සිදුනු විලක් අසල දුකින් තැවෙන ලිහිණියකු පරිද්දෙන් දුකට පත්වේ. ‘යථා බුබ්බුලකං පස්සං ඒවං ලෝකං අවෙක්ඛන්තං’ - ලෝකය දිය බුබුලක්සේ දැකිය යුතුය. එලෙස බලන්නා මාරයා නොදනියි. ‘සුත්තං ගාමං මහෝගෝච මච්චු ආදාය ගච්චති’ – බව බෝග නිසා අතිශයින් මත් වූ පුද්ගලයා නිදි ගත් ගම් වැසියන් මහා ගංවතුරින් ගසාගෙන යන්නාක් මෙන් මාරයා රැගෙන යයි. ‘සවන්ති සබ්බධී සෝතා ලතා උබ්භිජ්ජ තිටඨතී’ – තෘෂ්ණා නමැති සැඩ පහර සෑම තැනම ගලා බසියි. එබැවින් තෘෂ්ණාව දුරු කැර ගන්න. ‘වාරි පොක්ඛරපත්තේච’ - නෙළුම්පතෙහි දිය මෙන්ය යමෙක් නාමයෙහි නොඇලේ නම්, හෙතෙම බ්‍රහ්මණයකු වේ.

බුදු රජාණන් වහන්සේ ජලය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ශික්ෂාපද සමූහයක් ද පැනවූහ. ඒවා පනවන ලද්දේ මිනිසාගේ සහ පරිසරයෙහි සුරක්ෂිත භාවය උදෙසා ය.

‘නඋදකේ අගිලානෝ උච්චාරංවා පස්සාවංවා ඛෙලංවා කරිස්සාමීති සික්ඛා කරණීයා’ ගිලනකු නොවී පරිභෝගයට සුදුසු ජලයෙහි කෙළ නොගැසිය යුතුය. මල මුත්‍ර නොකළ යුතුය.

ගංවතුර වැනි විපත් අවස්ථාවන්හි ජලයට කෙළ ගැසීමෙන් අ වැත් සිදු නොවේ. සාගර ජලයට කෙළ ගැසීමෙන් ඇවැත් සිදු නොවේ. උපසම්පදා භික්ෂු භික්ෂුණීන්ට නොපිළිගන්වන දෑ වැලඳීම අතැපය. එහෙත් ජලය නොපිළිගන්වා වුව ද වැලඳීම කැපය. ජලයට යමක් මිශ්‍රවැ ඇත්නම් අකැපය. විකාල භෝජන ශික්ෂා පදය අනුව ද විකාලයෙහි වැළඳිය හැක්කේ ජලය පමණකි. නොඑසේ නම් පාන වර්ග පමණකි. පාන වර්ග අටක් පිළිබඳ සඳහන්වේ. ‘අනුජානාමි භික්ඛවේ අට්ඨ පානානි, අම්බපානං, ජම්බ පානං, චෝච පානං, මෝච පානං, මධුපානං, මුද්දිත පානං, සාලුත පානං, ඵාරුසක පානං, (මහාවග්ගය) ආහාර වලට වඩා ජලය මිනිසාට අත්‍යවශ්‍ය වන බව සැලකූ බුදු හිමියෝ, ජලය පිළිබඳ මෙවන් ලිහිල් ප්‍රතිපත්තියක් පෙන්වා වදාළහ.

‘අනුජානාමි භික්ඛවේ සබ්බ පච්චන්තිමේසු ජනපදේසු ධුව නහානකං...’ ප්‍රත්‍යන්ත දේශවල භික්ෂූන්ට දිනපතා නෑමෙන් ඇවැත් සිදු නොවේ. එහෙත් මධ්‍ය දේශයේ භික්ෂූන්ට නෑමට අනුදැන වදාළේ දින පහළවකට වරකි. ජල හිඟය සහ අධිත ශීතලය මෙම සික පදය පැන වීමට හේතු වන්නට ඇත.

ආගන්තුකයකු පැමිණි කල්හි පැන් පිළිගැන් විය යුතු බව “වත්තන්ඛන්ධකයෙහි” සඳහන්ව ඇත. ‘පාණීයේන පුච්ඡන්තේන සචේ සකිං ආනිතං පාණීයං සබ්බං පිවති පුන ආනේති පුච්ජිතබ්බෝ’ යනුවෙන් ආගන්තුකයාගෙන් පැන් ගැන විචාරණ භික්ෂුව විසින් වරක් පිළිගැන්වූ පැන් සියල්ල ආගන්තුකයා පානය කළහොත් දෙවනුවත් ගෙන එන්නදැ’ යි විමසිය යුතු බව විනය අටුවාවෙහි දක්වා ඇත. ජලයෙහි ප්‍රාණීන් සිටින බව සලකා කටයුතු කිරීමට බුදු හිමියෝ අනු දැන වදාළහ. ඒ නිසාම සංඝයා පරිභෝජනය කැරෙන ප්‍රධාන පිරිකර අටට පෙරහන් කඩක් ද ඇතුළත්වැ ඇත. දීර්ඝ මාර්ගයෙහි ගමන් කරන භික්‍ෂුව පෙරහන් කඩක් රැගෙන යායුතුය. ‘න භික්ඛවේ අපරිස්සාවනකේන අද්ධාන මග්ගේ පටිපජ්ජි තබ්බෝ’ මහණෙනි, පෙරහනක් නොමැතිවැ දුර ගමන් නොයා යුතුය. එසේ යයි නම් දුකුලා ඇවැත් සිදුවේ. එහෙත් මෙකල පිරිසිදු ජලය සපයා ගැනීමේ අපහසුතාවයන් නොමැති නිසා පෙරහන් කඩක් රැගෙන යාමෙහි අවශ්‍යතාවයක් ඇති නොවේ’ ‘යෝපන භික්ඛූ ජානං සප්පාණතං උදතං පරිභුඤ්ජෙය්‍ය පාචිත්තියං’ යම් මහණෙක් ප්‍රාණීන් සහිත ජලය පරිභෝග කරයි නම් ඔහුට පචිති ඇවැත් සිදුවේ. දීර්ග මාර්ගයෙහි ගමන් කරන භික්ෂුවක් පෙරහනක් ඉල්ලූ විට එය අනිවාර්යයෙන්ම දිය යුතුය. නොදුනහොත් දුකුලා ඇවැත් සිදුවේ. බුදු හිමියන්ගේ මෙම පැහැදිලි කිරීම් මගින් පිරිසිදු ජලය පරිභෝජනයෙහි වැදගත් බව වඩාත් තහවුරු කැර ඇත. බුද්ධ කාලයේ සෑම විහාරස්ථානයකම මෙන්මැ වෙනත් පොදු ස්ථානවල ද ප්‍රධාන දොරටුව සමීපයෙහි පා දෝවනය සඳහා පැන් බඳුනක් තිබුන බව දීඝනිකායේ ‘පරිනිබ්බාන’ සූත්‍රයෙහි සඳහන්වැ ඇත. ඒ අනුවැ වර්තමානයේ ද දානමය පින්කම් අවස්ථාවන්හි භික්ෂූන් වහන්සේලාගේ පා දෝවනය කිරීමේ චාරිත්‍රය පවත්වති. පා දෝවනය කැරෙන විට ගලා යන ජලය පොළවෙහි අතුරුදන් වන අයුරු බලා සිටි භික්ෂුවක් අනිත්‍යය මෙනෙහි කැර මඟ පල ලැබූ කථා පුවතක් ද බෞද්ධ සාහිත්‍යයේ එයි. වැසිකිළිය සඳහා වෙනම ජල බදුනක් තැබිය යුතු බව සහ වළඳා ඉතිරි ආහාර ප්‍රාණීන් නොමැති ජලයෙහි දැමිය යුතුªබවට ද සිකපද පනවා ඇත. ජල පහසුව ලබා ගැනීමේ දී ‘ආගතපටිපාටිය’ අනුවැ එනම් පැමිණි පිළිවෙළ අනුවැ කටයුතු කිරීමෙහි වරදක් නොවන බව දක්වා තිබීමෙන් ජලය මූලික මිනිස් අවශ්‍යතාවක් බව බුදු හිමියන් පිළිගෙන තිබෙන බවට පෙනේ. ජලස්නානය කිරීමේ දී අනුනට බාධා නොවන අයුරින් එය කළ යුතු බව ‘පාචිත්තිය පාලියට අයත් නඟානශික්ඛාවයන්ට අනුව පෙනෙයි.

පානීය, පරිභෝජනීය වශයෙන් ජලය දෙආකාර වන බව විනය ග්‍රන්ථ අනුවැ පැහැදිලිය. ආහාර ගැනීමේ දී අමාශයේ එක් කොටසක් ජලය සඳහා ඉඩ තැබිය යුතු බව සඳහන් වේ. එය යහපත් සෞඛ්‍යය පුරුද්දක් බව නූතන වෛද්‍යවරු ද පෙන්වා දෙති. විනය කර්ම සඳහා රැස් වන සීමා මාලකවල ඇමදීම, පහන් දැල්වීම අමතරවැ පැන් බදුනක් තැබීම පුබ්බකිච්ච, පුබ්බකරණ වලය අයත් ය. ජලයට මල මුත්‍ර දැමීම, කෙළගැසීම සුදුසු නොවන බවට ශික්ෂා පද පනවා ඇතත් එමඟින් වෙනත් අපද්‍රව්‍ය දැමීමට අවසර ලබා දී ඇතැ’ යි සිතිය යුතු නැත. ගංගා, ඇළ, දොළ වලින් නෑමේදී කෙළ, ඩහදිය වැනි දෑ එක්විය හැකිය. ඒ නිසා භික්ෂුන්ට එවැනි ස්ථාන වලින් නෑම තහනම් කැර නැත. ජලය මූලික මිනිස් අයිතිවාසිකමක් බව බුදුහු පෙන්වා වදාළහ. ජලය මූලික මිනිස් අයිතිවාසිකමක් බව බුදු දහමට අනුවත්, ලෝක ධර්මතාවයට අනුවත් කවුරුත් පිළිගත යුතු කරුණකි.

බුදු හිමියන් ජීවමාන කාලයේ ‘රෝහිණී’ නදියෙහි ජලයට අයිතිවාසිකම් කියමින් ශාඛ්‍ය වංශිකයන් සහ කෝලීය වංශිකයන් අතර මහා සටනක් ඇති වන්නට ගියේ ය.

අවි අමෝරා ගත් දෙපිරිස අතරට වැඩම කළ බුදු හිමියෝ, ජල අවශ්‍යතාව සෑම දෙනාටම පොදු දෙයක් බවත්, ජලය වෙනුවෙන් රුධිරය වැගිරීම නිෂ්ඵල දෙයක් බවත්, නදියෙහි ජලය දෙපිරිසම සමව බෙදා ගත යුතු බවත් දේශනාකැර ජලය නිසා ඇතිවීමට ගිය මහා විනාශයක් වැළැක්වූහ. යුද්ධය සඳහා වැය කැරෙන අති විශාල ධනස්කන්ධය ඇළ වේලි, වැව් අමුණු සොරොව්ව ඉදිකිරීමට යොදවා තවත් විශාල පිරිසකගේ ජල අවශ්‍යතාවන් සපුරා ගත හැකි බව පෙන්වා දුන්හ      උපුට ගැනිම-http://www.lakehouse.lk/budusarana/2008/09/14/tmp.asp?ID=vision06                                                                                                                                                                                                          
ජලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
මෙම ලිපිය ජලයේ සාමාන්‍ය ස්වරූපය පිලිබඳ වේ. එහි ගතිගුණ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් සඳහා, බලන්න ජලයේ ගතිගුණ. වෙනත් භාවිතා සඳහා, බලන්න ජලය (වක්‍රෝත්තිහරණය).
ජලය අවස්ථා තුනෙහිදී: ද්‍රව, ඝන (අයිස්), සහ වාතය තුල ඇති (අදෘශ්‍යමාන) ජල වාෂ්ප. වලාකුළු වනාහි ජල වාෂ්පයෙන්-සංතෘප්ත වූ වාතයෙන් ඝණීභවනය වූ ජල බිඳිති වල සංචයනයන් වේ.


ජලය යනු හයිඩ්‍රජන් සහ ඔක්සිජන් යන්නෙන් සමන්විත සහ ජීවයෙහි සියළු ඥාත ආකරයන්හි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නාවූ සුලබ රසායනික ද්‍රව්‍යය කි.[1]

සාමාන්‍ය වහරේදී, ජලය යන්නෙන් අදහස් කරන්නේ එහි ද්‍රව ආකාරය හෝ අවස්ථාව පමණක් වුවද, මෙම ද්‍රව්‍යය සඳහා ඝන අවස්ථාව වන, අයිස්, සහ වායුමය අවස්ථාව වන, ජල වාෂ්ප හෝ හුමාලය ද පවතියි. ජලය, පෘථිවියෙහි පෘෂ්ඨයෙන් 71% ක් වසා පැතිර පවතියි. [2] පෘථිවිය මත, එය බොහෝ ලෙසින් සාගර සහ අනෙකුත් විසල් ජල තලයන්හිද, ජලයෙන් 1.6% පොළොව අභ්‍යන්තරයෙහි ජලධරයන්හි සහ 0.001% වාතයෙහි වාෂ්ප, වලාකුළු (ඝන හා ද්‍රව ජල අංශු වාතයෙහි අවලම්බනය වීමෙන් තැනෙයි), සහ වර්ෂාපතනය ලෙස පවතියි. [3] සාගරයන් භූතල ජලයෙන් 97% ක් දරන අතර, ග්ලැසියරයන් හා ධ්‍රැවීය අයිස් වැස්මන් 2.4% ක්ද, අනෙකුත් ගොඩබිම භූතල ජල ධාරකයන් වන ගංගාවන්, විල් හා පොකුණු තවත් 0.6% දරති. පෘථිවියෙහි ජලයෙන් ඉතා කුඩා කොටසක්, ජීවවිද්‍යාත්මක දේහයන් සහ නිමැවුනු භාණ්ඩ තුල රඳවා තැබෙයි.

ජලය නිරන්තරයෙන්ම, වාෂ්පීභවනය හෝ උත්ස්වේදනය (වාෂ්පෝත්ස්වේදනය), වර්ෂාපතනය, සහ අපධාවය, යන අවස්ථාවලින් සමන්විත චක්‍රයක් ඔස්සේ ගමන් කරමින් සාමාන්‍ය වශයෙන් මුහුදට සැපත් වේ. ගොඩබිමෙහි, වාෂ්පීභවනය හා උත්ස්වේදනය,ගොඩබිම වර්ෂාපතනය දායක වෙයි.


පිරිසිදු, නැවුම් පානීය ජලය, මානවයාට හා අනෙකුත් ජීවීන්ට අත්‍යාවශ්‍ය වේ. ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනුමෙහි හැකියාව පසුගිය දශක කිහිපය තුලදී ලොව සියළු ප්‍රදේශයකම පාහේ ක්‍රමයෙන් හා විද්‍යාමාන ලෙසින් උන්නතියට පත්ව ඇත.[4][5] ආරක්ෂා සහිත ජලය සපයා ගැනුමෙහි හැකියාව සහ ඒක පුද්ගල දදේනි අතර පැහැදිලි සහසම්බන්ධයක් ඇත.[6] කෙසේවෙතත්, සමහරක් නිරීක්ෂක‍යන් නිමානය කර ඇත්තේ 2025 වන විට ලෝක ජනගහනයෙන් අඩකට වඩා ජල-ආශ්‍රිත අන්තරාදායකයන්ට මුහුණ දෙනු ඇති බවයි.[7] මෑත වාර්තාවක් (නොවැම්බර් 2009) අඟවනුයේ 2030 වන විට, ලොව සමහරක් දියුණු වෙමින් පවතින පලාත් වල, ජල ඉල්ලුම සැපයුමට වඩා 50% අභිබවන බවයි.[8] ජලය විසින් ලෝක ආර්ථිකයෙහි වැදගත් කාර්යභාරයක් ඉෂ්ඨ කරනුයේ, එය පුළුල් පරාසයක රසායනික ද්‍රව්‍ය සඳහා ද්‍රාවකයක් ලෙස ක්‍රියා කරන හෙයින් හා කාර්මික සිසිලනය හා ප්‍රවාහනය සඳහා පහසුකම් සපයන්නකු වීම හෙයිනි. මිරිදිය ප්‍රමාණයෙන් දළ වශයෙන් 70% පමණ කෘෂිකර්මය සඳහා භාවිතා කෙරේ.[9]
පටුන

    1 රසායනික සහ භෞතික ගතිගුණ
    2 ජලය තැනී ඇති අයුරු
    3 1902 විල්සන් බෙන්ට්ලේ විසින් හිම පතනය ආකාර අනුව
    4 කාළගුණ විද්‍යාවට අනුව වර්ෂාපතනය ලැබෙන ආකාරය අනුව
    5 වර්ෂාපතනයේ බෙදීම්
    6 මිහිපිට ජලය පවතින ආකාර
    7 ජලට ප්‍රයෝජනයට ගන්නා අවස්ථා
    8 විශේෂ ලක්ෂණ අනුව ජලයේ බෙදීම්
    9 ක්ෂුද්‍ර ජීවී විද්‍යාවට අනුව
    10 රස සහ ගඳ
    11 ස්වභාවධර්මය තුල ජලයෙහි ව්‍යාප්තිය
        11.1 විශ්වයෙහි ජලය
        11.2 ජලය හා වාසෝචිත කලාපය
    12 පෘථිවිය මත ජලය
        12.1 ජල චක්‍රය
        12.2 මිරිදිය ගබඩාකිරීම
        12.3 මුහුදු ජලය
        12.4 උදම්
    13 ජීවයට බලපෑම
        13.1 ජලජ ජීවි ස්වරූපයන්
    14 මානව ශිෂ්ඨාචාරය මත බලපෑම්
        14.1 සෞඛ්‍යය සහ දූෂණය
    15 ආශ්‍රිත
        15.1 ජලය ස්වභාවික සම්පතක් ලෙසින්
    16 බාහිර සබැඳි

රසායනික සහ භෞතික ගතිගුණ
මූලික ලිපියන්: ජලය(ගතිගුණ), ජලය(දත්ත පිටුව), සහ ජලය ආකෘතිය
ජල අණු අතර හයිඩ්‍රජන් බන්ධනයන්ගේ ආකෘතියක්
ජල බිඳුවක් හා ගැටුම නිසා වෘත්තාකාර කේෂික තරංගයන් ගෙන් වටවූ උඩුකුරු "පොළාපැනි" ක්ෂේපයක් ජනිත වේ.
1902 දී විල්සන් බෙන්ට්ලි විසින් නිර්මිත හිමපෙති
මකුළු දැළ ක ඇලී ඇතිතුෂාර බිඳු
රසදිය හා සමග සැස‍‍ඳෙන ජලයේ කේශාකර්ෂණ ක්‍රියාව

ජලය තැනී ඇති අයුර


ජලය සමග අන්තරාදායක ලෙසින් ප්‍රතික්‍රියාකරන භාණ්ඩ ප්‍රවාහණය කිරීම සඳහා වූ ADR ලේබලය
ජලය තැනී ඇති අයුරු

ද්‍රව ජලය චලනය වීමේදී


ජලය අවස්ථා තුනකින් දැක්විය හැකිය. පෘථිවියේ දී එය නොයෙකුත් ආකාර ගනී. ජල වාෂ්ප ලෙස සහ වළාකුළු ලෙස අහසේ දී , කලාතුරකින් හිම කුට්ටි හෝ මුහුදු ජලය ලෙස සාගරයේ දී ග්ලැසියර් ලෙස හෝ ගංගා ලෙස කඳු මත දී හා ගලා යන ජලය ලෙස පොළවේ දී ජලය දක්නට ලැබේ.

නොයෙකුත් ද්‍රව්‍යයන් ජලයේ දියවිය හැකිය. එහි දී එයට නොයෙකුත් ගන්ධයන් සහ රසයන් එක්වේ. කොටින්ම කිව හොත් මිනිසා සහ අනෙකුත් සත්වයන් පානය කළ හැකි ජලය හඳුනා ගැනීම සඳහා තම සංවේදීතාව වර්ධනය කරගෙන ඇත. සාමාන්‍යයෙන් සතුන් ලුණු රසැති වතුරට සහ පල් වූ ගොහොරු ජලයට අකමැති අතර ජල ධරයන්හි හෝ කඳුවල උල්පත්වල පිරිසිදු ජලයට කැමැත්තක් දක්වයි. මිනිසා ද මද රස්නය ඇති ජලයට වඩා සීතල ජලය ප්‍රිය කරයි. එය එසේ වන්නේ සීතල වතුරෙහි ක්ෂුද්‍ර ජීවීන් අඩු ප්‍රමාණයක් අන්තර්ගත විය හැකි නිසාය. බොහෝ විට වෙළෙඳ දැන්වීම්වල යොදාගනු ලබන ඛණිජ, ජලයෙහි සහ උල්පත් ජලයෙහි රසය ලැබෙන්නේ ජලයේ දිය වී ඇති ඛනිජ ද්‍රව්‍ය නිසාය. ශුද්ධ H2O වල කිසිදු රසයක් නොමැත. කරුණු එසේ සලකා බැලූ විට උල්පත් සහ ඛණිජ ජලයෙහි ශුද්ධ භාවය යනුවෙන් හඳුන්වනු ලබන්නේ නොයෙකුත් විෂ ද්‍රව්‍ය, දුෂක ද්‍රව්‍යය සහ ක්ෂුද්‍ර ජීවීන් ගෙන් තොර වීමයි.

කෘෂිකර්මාන්තයට සහ සාමාන්‍යයෙන් මිනිසාට වර්ෂාපතනයේ ඇති වැදගත්කම හේතුවෙන් එහි නොයෙකුත් ආකාරවලට නොයෙකුත් නම් ලබා දී ඇත.


1902 විල්සන් බෙන්ට්ලේ විසින් හිම පතනය ආකාර අනුව

    ඝණමය - අයිස්
    ද්‍රවමය - ජලය ( අධික ලෙස සීතල කළ ජලය)
    වායුමය - ජල වාෂ්ප


කාළගුණ විද්‍යාවට අනුව වර්ෂාපතනය ලැබෙන ආකාරය අනුව

    ද්‍රාව්‍යමය වර්ෂාපතනය
    වර්ෂාපතනය


වර්ෂාපතනයේ බෙදීම්

සිරස් වර්ෂාපතනය

    වර්ෂාව
    මිදුණු වර්ෂාව
    වැහි පොද
    මිදුණු වැහිපොද
    හිම
    හිම පෙති
    හිම අංශු
    පින්න

ඝණමය වර්ෂාපතනය

    හිම
    හිම කැටිති
    අයිස් කැටිති
    මිදුණු දිය පෙති
    මිදුණු වැසි
    හිම කැට වැස්ස
    අයිස් පලිගු

තිරස් වර්ෂාපතනය

    පින්න
    තුහින
    වායුගෝලයේ අයිස්
    දිලිසෙන මතුපිටක් ඇති අයිස්
    හිම කැටිති
    අයිස් කැටිති
    මිදුණු වර්ෂාව
    හිම කැට වැස්ස
    පළිගු හිම
    වායුගෝලයේ අයිස්
    දිලිසෙන මතුපිටක් ඇති අයිස්

මිශ්‍ර වු වර්ෂාපතනය

    සෙල්සියස් අංශක 0 ට ආසන්න උෂ්ණත්වයේ දී


අහසේ ඉහළ පහළ යන කොටස්

    වළාකුළු
    මීදුම
    BR (මීටරයට අනුව)

පහළ බසින කොටස්

    කැලතුණු හිම
    සිහින් පොද


මිහිපිට ජලය පවතින ආකාර

    පොළවෙහි අඩංගු ජලය
    මිදුණු ජලය
    මීටරයට අනුව ජල ප්‍රමාණය
    නැවුම් ජලය
    ඛණිජ ජලය - ඛනිජ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ
    කිවුල් ජලය
    අවජලය - මෙය සිදුවන්නේ කිවුල් ජලය හෝ නැවුම් ජලය ඝනත්වයෙන් වැඩි ලුණු ජලය මත රැඳී තිබුණු විටයි. එවිට මෙම ජල තට්ටු දෙක මිශ්‍ර නොවේ. මෙම ජලය මත නෞකා ගමන් කිරීම භයානක වේ.
    මුහුදු ජලය
    කරදිය


ජලට ප්‍රයෝජනයට ගන්නා අවස්ථා

    නල ජලය
    බෝතල් කළ ජලය
    පානීය ජලය - දිනපතා පානයට අවශ්‍ය වේ.ශරීරයට හානි නොකරන තුලිත ඛණිජ ප්‍රමාණයක් අඩංගු වේ.
    පිරිසිදු කරන ලද ජලය - විද්‍යාගාර තත්ත්වයේ ,විශ්ලේෂණ තත්ත්වයේ හා ප්‍රතික්‍රියාකාරක තත්ත්වයේ ජලය - මෙම ජලය විද්‍යාවට හෝ ඉංජිනේරු විද්‍යාවට යොදාගැනීම සඳහා බොහෝ සෙයින් පිරිසිදු කොට තබා ගෙන ඇත. ප්‍රධාන වශයෙන් මේවා නම් කරනු ලබන්නේ වර්ග I , වර්ග II හෝ වර්ග III වශයෙනි. මෙම වර්ගයේ ජලයෙහි අඩංගුවන ද්‍රව්‍ය පහත සදහන් ද්‍රව්‍යයන්ට සීමා නොවේ.
    ආස්‍රැත ජලය
    දෙවරක් ආස්‍රැත කරන ලද ජලය
    අයන වෙන්කරන ලද ජලය


විශේෂ ලක්ෂණ අනුව ජලයේ බෙදීම්

    මෘදු ජලය - ඛණිජ ලවණ අඩු ප්‍රමාණයක් අඩංගුවේ
    කඨින ජලය - පොළව යටින් ලබා ගනී. ඛණිජ ද්‍රව්‍යය වැඩිපුර අඩංගු වේ.
    ආස්‍රැත ජලය - දෙවරක් ආස්‍රැතකරන ලද ජලය
    අයන වෙන් කරන ලද ජලය - එහි ඛණිජ ලවණ කිසිවක් අඩංගු නොවේ.
    බැර ජලය - බැර හයිඩ්‍රජන් - ඩියුටීරියම් පරමාණු මගින් නිෂ්පාදනය කරයි. ඉතාම අඩු සාන්ද්‍රණයකින් සාමාන්‍ය ජලයේ මෙය දක්නට ලැබේ. ප්‍රථම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක සකස් කිරීම සඳහා මෙය යොදා ගෙන ඇත.
    ට්‍රයිෂිඒටඩ් ජලය (T2O)


ක්ෂුද්‍ර ජීවී විද්‍යාවට අනුව

    පානීය ජලය
    ඉවතලන ජලය
    මතුපිට ජලය


රස සහ ගඳ

බොහෝ විවිධාකාර ද්‍රව්‍යයන් ද්‍රවණය කිරීමේ හැකියාව තුලින් එයට විවිධාකාර රසයන් හා ගන්ධයන් ලබා දීමමේ හැකියාව ජලයට ඇත. මානවයන් සහ අනෙකුත් සතුන් විසින් වර්ධනය කරගන්නා ලද සංවේදයන් උපකාරයෙන් පානීයෝග්‍යතාවය නිශ්චය කිරීමෙන් ලවණ බව වැඩි හෝ පල්වූ හෝ ජලය මගහැරීමට ඔවුන්ට (තරමක ආකාරයට) හැකියාවක් ලබා දෙයි. සිසිල් ජලයෙහි ක්ෂුද්‍රජීවීන් අඩු ප්‍රමාණයන් පැවතීමට ඉඩ ඇති බැවින් ඇල්මැරුණු ජලයට වඩා සිසිල් ජලයට මනාප වීමට නැඹුරු බවක් මානවයන් තුල ඇත.[තහවුරු​ කරන්න] උල්පත් ජලය හෝ ඛනිජ ජලය තුල ඇතැයි ප්‍රචාරණය කෙරෙන රසය ව්‍යුත්පන්න වී ඇත්තේ එහි දීයවී ඇති ඛනිජයන් තුලිනි: පරිශුද්ධ H2O නීරස හා ගඳ රහිත වේ. උල්පත් හා ඛනිජ ජලයෙහි ඇතැයි ප්‍රචාරණය කෙරෙන පරිශුද්ධ භාවය නිර්දේශනය කරන්නේ විෂ, අපද්‍රව්‍ය සහ ක්ෂුද්‍රජීවීන් රහිත භාවයයි.
ස්වභාවධර්මය තුල ජලයෙහි ව්‍යාප්තිය
විශ්වයෙහි ජලය
ජලය හා වාසෝචිත කලාපය
පෘථිවිය මත ජලය
මූලික ලිපියන්: ජලවිද්‍යාව සහ පෘථිවිය මත ජලයෙහි ව්‍යාප්තිය
පෘථිවිය මත ජලය ඇති ස්ථාන නිරූපණය කෙරෙන ප්‍රස්තාරිත ව්‍යාප්ති සටහනක්.
පෘථිවි පෘෂ්ඨයෙන් 71% ජලය විසින් වසා ගෙන ඇත; පෘථිවියෙහි ජලයෙන් 97.2% අයත් වන්නේ සාගර වලටය. පෘථිවිය මත මිරිදිය ප්‍රමාණයෙන් 90% දරණ ඇන්ටාක්ටික් අයිස් තට්ටුව, පහළ දර්ශනය වෙයි. ඝනිභවනය වූ වායුගගෝලීය ජලය atmospheric water can be seen as වලාකුළු ලෙසින් දිස්වෙමින්, පෘථිවියෙහි පුභානුපාතයට දායක වෙයි.
ජල චක්‍රය
මූලික ලිපිය: ජල චක්‍රය
ජල චක්‍රය


මිරිදිය ගබඩාකිරීම

සැකිල්ල:Imageframe
මූලික ලිපිය: ජල මූලාශ්‍ර
මුහුදු ජලය
මූලික ලිපිය: මුහුදු ජලය
උදම්
මූලික ලිපිය: උදම
ජීවයට බලපෑම
An ක්ෂේමභූමියක් යනුකාන්තාරයෙහි තුරුලිය සහිත හුදෙකලා ජල මූලාශ්‍රය
ප්‍රභාසංස්‍ලේෂණය සහ ශ්වසනය හි සමාලෝචනයක්. ජලය (දකුණේ ඇති), කාබන් ඩයොක්සයිඩ් හා සමග (CO2), ඔක්සිජන් හා කාබනික සංයෝග (වමේ ඇති) සදන අතර, ඒවා දහනය වී ජලය හා (CO2) නිපැදිය හැක.
Some of the biodiversity of a coral reef
ජලජ ජීවි ස්වරූපයන්
මූලික ලිපියන්: ජලජීවවිද්‍යාව සහ ජලජ ශාකය
සමහරක් සාමුද්‍රික ඩයටමයන් – ප්‍රධාන ශාක ප්ලවාංග කාණ්ඩයක්
මානව ශිෂ්ඨාචාරය මත බලපෑම්
ජල බුබුළක්

‍ඓතිහාසික වශයෙන් ශිෂ්ඨාචාරය සමෘධිමත් ලෙසින් වර්ධනය වී ඇත්තේ ගංගා සර ප්‍රධාන ජලමාර්ග අසබඩ වේ; මෙසපොටේමියාව, ඊනියා ශිෂ්ඨාචාරයෙහි තොටිල්ල, පිහිටා තිබූයේ ටයිග්‍රීස් සහ යුප්‍රටීස් යන මහා ගංගා දෙක අතරය; ඊජිප්තියානුවන්ගේ පුරාතන සමාජය සම්පූර්ණ ලෙසින් රඳා පැවතුනේ නයිල් මතය. like රොටර්ඩෑම්, ලන්ඩනය, මොන්ට්‍රියල්, පැරිස්, නිව් යෝක් නගරය, බුවනොස් අයර්ස්, ෂැංහයි, ටෝකියෝ, චිකාගෝ, සහ හොං කොං ආදි විශාල පුරවරයන්, ඒවායේ සමෘද්ධියෙහි කොටසක් පිළිබඳ හෝ ණයගැති විය යුත්තේ ජලය ඔස්සේ පහසුවෙන් ලඟාවීමට තිබූ හැකියාව සහ එම නිසා වෙළෙඳාමෙහි ව්‍යාප්තිය වෙතය. සිංගප්පූරුව වැනි, සුරක්ෂිත ජල වරායන් සහිත දූපත් සමෘද්ධියට ලක්වූයේද මෙම හේතුව නිසාමය. ජලය බොහෝ ලෙසින් දුලබ, උතුරු අප්‍රිකාව සහ මැද පෙරදිග වැනි ස්ථාන වල, මානව සංවර්ධනය සඳහා ප්‍රධාන සාධකයක් වූයේ පිරිසිදු පානීය ජලය ලබා ගැනුමට ඇති හැකියාවයි.
සෞඛ්‍යය සහ දූෂණය
පාරිසරික විද්‍යා වැඩසටහන යටතේ, අ‍යෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙහි සිසුවෙක් ජලය නියැදිකරණය කරමින්.
ආශ්‍රිත

    ↑ එක්සත් ජාතීන්
    ↑ "සීඅයිඒ- ස වර්ල්ඩ් ෆැක්ට් බුක්". මධ්‍යම ඔත්තු සංවිධානය. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-12-20.
    ↑ වෝටර් වේපර් ඉන් ද ක්ලයිමෙට් සිස්ටම්, විශේෂ වාර්තාව, [AGU], දෙසැම්බර්1995 (linked 4/2007). වයිටල් වෝටර් UNEP.
    ↑ උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; lomborg නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
    ↑ උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; UN නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
    ↑ "පබ්ලික් සර්විසස්", ගැප්මයින්ඩර් වීඩියෝ
    ↑ කුල්ශ්‍රේෂ්ත, එස්.එන් (1998). "අ ග්ලෝබල් අවුට්ලුක් ෆෝ වෝටර් රිසෝසර්ස් ටු ද ඉයර් 2025". වෝටර් රිසෝසර්ස් මැනේජ්මන්ට් 12 (3): 167–184. doi:10.1023/A:1007957229865.
    ↑ "චාටින් අවර් වෝටර් ෆියුච: ඉකනමික් ෆ්‍රේම්වර්ක්ස් ටු ඉන්ෆෝම් ඩිෂිෂන්-මේකිං"
    ↑ බාරෝනි, එල්.; සෙන්සි, එල්.; ටෙටාමන්ටි, එම්.; බෙරාටි, එම්. (2007). "එවැලුයේටිං දි එන්වරන්මන්ටල් ඉම්පැක්ට් ඔෆ් වවේරියස් ඩයටරි පැටර්න්ස් කම්බයින්ඩ් විත් ඩිෆරන්ට් ෆුඩ් ප්‍රොඩක්ෂන් සිස්ටම්ස්". යුරොපියන් ජර්නල් ඔෆ් ක්ලිනිකල් නියුට්‍රිෂන් 61 (2): 279–286. doi:10.1038/sj.ejcn.1602522. PMID 17035955.

    PH Gleick and associates, The World's Water: The Biennial Report on Freshwater Resources. Island Press, Washington, D.C. (published every two years, beginning in 1998.)
    Marks, William E., The Holy Order of Water: Healing Earth's Waters and Ourselves. Bell Pond Books ( a div. of Steiner Books), Great Barrington, MA, November 2001 [ISBN 0-88010-483-X]
    Debenedetti, P. G., and Stanley, H. E.; "Supercooled and Glassy Water", Physics Today 56 (6), p. 40–46 (2003). Downloadable PDF (1.9 MB)

ජලය ස්වභාවික සම්පතක් ලෙසින්

    Anderson (1991). Water Rights: Scarce Resource Allocation, Bureaucracy, and the Environment. ISBN 0884103900.
    Maude Barlow, Tony Clarke (2003). Blue Gold: The Fight to Stop the Corporate Theft of the World's Water. ISBN 1565848136.
    Gleick, Peter H.. The World's Water: The Biennial Report on Freshwater Resources. Washington: Island Press. ISBN 1559637927. (November 10, 2006)| ISBN 978-1-59726-105-0]
    Miriam R. Lowi (1995). Water and Power: The Politics of a Scarce Resource in the Jordan River Basin. ISBN 0521431646. (Cambridge Middle East Library)
    William E. Marks (2001). The Holy Order of Water: Healing Earths Waters and Ourselves.
    Postel, Sandra (1997, second edition). Last Oasis: Facing Water Scarcity. New York: Norton Press. ISBN 0393034283.
    Reisner, Marc (1993). Cadillac Desert: The American West and Its Disappearing Water. ISBN 0670199273.
    Vandana Shiva (2002). Water Wars: Privatization, Pollution, and Profit. London: Pluto Press [u.a.]. ISBN 0-7453-1837-1. OCLC 231955339.
    Anita Roddick, et al (2004). Troubled Water: Saints, Sinners, Truth And Lies About The Global Water Crisis. ISBN 095439593X.
    Marq de Villiers (2003, revised edition). Water: The Fate of Our Most Precious Resource. ISBN 0618030093.
    Diane Raines Ward (2002). Water Wars: Drought, Flood, Folly and the Politics of Thirst. ISBN 1573222291.
    Worster, Donald (1992). Rivers of Empire: Water, Aridity, and the Growth of the American West. ISBN 039451680X.

-->උපුට ගැනිම-http://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA