Friday, May 11, 2012

අම්මා යන අරැත නොදත් mother [සැහැසි මව]


 අම්මා යන අරැත නොදත් mother [සැහැසි මව]        

අම්මා යන අරැත නොදත් අම්මා කෙනෙක්ගේ කතාවක් අද මා යහලුවෙකුගේ f b එකක දැක්කා . මට එවේලේ දටු දේ මාව මවිතයට පත් කලා.අප මේ අම්මාට දොස් පවරන්න බැ මොකද මේකට අනේ අපොයි කියලා සිතුනත් අපේ රටේ දරැවන් ගගට දැමු පුවත් අප අසා තිබෙන නිසා.
‍කෙසේ වෙතත් මේ අම්මාට මේ තත්වයට පත් වන්නට යම් කිසි හේතුවක් තියෙන්නටද ඇති.
කවුරැ මොන රටක වුවත් අම්මා අම්මායමය මෙහි වඩා වැදගත් දෙය වන්නේ ක්‍රමානුකූලව video ගත කෙරෑ පුද්ගයාගේ මොලයක් තිබුනාද යන්නයි.
මෙවන් දේ අප දැස් වලට දකින්නට නොලැබේවායි කියා පාර්තනා කරමින් ඔබ අතට මෙය පත් කරන්නේ මා සමග සිටින උගත් බුද්දිමත් යහලුවන්ගේ මාර්ගයෙන් මෙවන් දේ කුමන රටකවත් සිදු නොවන්නට මිනිසුන් දැනුවත් කරන ලෙසයි.

A Malaysian woman being video taped as she beats her helpless baby. Disgusting. Tell me what fun ways you would punish(kill) her in the comments. Share and expose this bitch to the world

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

සංක්රුමණික මව ඩොරතියා ලේන්ජ් විසිනි
දෙමව්පිය භූමිකාව තුළින් මව යනු, ගැබ්ගත්, දරුවෙකුට ජන්මය ලබාදුන් හෝ දරුවකු උස් මහත් කළ කාන්තාවකි. [1] මව පිළිබඳ සමාජයීය, සංස්කෘතික හා ආගමික වශයෙන් පවතින නිර්වචනයන්හි හා භූමිකාවන්හි සංකීර්ණභාවය හා විවිධත්වය නිසා මව යන්නට විශ්වයම පිළිගත් නිර්වචනයක් ලබාදීම අභියෝගාත්මක වේ. පුරුෂලිංගික සමානතාව පියා වේ.

පටුන

ජීවවිද්‍යාත්මක මව

මිනිසුන් වැනි ක්ෂීරපායී සත්ව කොට්ඨාශයේ ගර්භනී කාන්තාවන් සඵල ගර්භබීජයක් ලෙස දරුවකු කුසෙහි දරාගෙන සිටියි. ජීවය සහිත වූ සඵල ගර්භබීජයකින් හෝ කළලයකින් ගර්භයක් වර්ධනය වේ.
නියමිත කාලය තුළ සිදු වූ බවට උපකල්පනය කළ විට පිළිසිඳගැනීමේ සිට උපත සඳහා ප්‍රමාණවත් තරම් වර්ධනය වන තුරු ම ගර්භය කාන්තාවන්ගේ ගර්භාෂය තුළ කුසෙහි දරාගෙන සිටීම සිදු වේ.
සාමාන්‍යයෙන් ළදරුවා ඉපදුණු විගස ම ක්ෂීරණ ක්රිකයාවලිය තුළින් මව්කිරි නිපදවීම ආරම්භ වේ. මව්කිරි ළදරුවන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ප්රඉතිදේහ සඳහා ප්රමභවය සේම, දරුවකුගේ ජීවිතයේ මුල් වසර හෝ ඊට වඩි කාලයක් සඳහා එකම ප්රුභවය ද වේ.[2][3][4]

ජීවවිද්‍යාත්මක නොවන මව

ජීවවිද්‍යාත්මක මව හැරුණු කොට විශේෂයෙන් යම් කාන්තාවක් දරුවකු උස් මහත් කිරීමේ සමාජ භූමිකාව සපුරන්නේ නම් බොහෝ විට මව යන්න ඇයට ද භවිතා කළ හැකි ය.
එනම් සාමාන්ය යෙන් දරුවෙකුගේ පියාට ජීවවිද්යාවත්මකව සම්බන්ධයක් නැති භාර්යාව අපත්යගර්යමකාරක හෝ ධාත්රීා මවකි. දරුවකුගේ පළමු මවට අමතර ව තමාට ජීවවිද්යා ත්මකව අයත් නොවන දරුවකු රැකබලාගන්නා කාන්තාවන්ට ද ඇතැම් සන්දර්භයන්හීදී "වෙනත් මව" යන යෙදුම භාවිතා වේ.

අන්වාදේශ මව

සාමාන්ය වශයෙන් ජීවවිද්යාදත්මකව දරුවන් ලැබීමට නොහැකි යුවලක, වෙනත් කාන්තාවකගේ සඵල ගර්භබීජයක කළලයක් උසුලන කාන්තාවක් අන්වාදේශ මවක් වේ.
මෙලෙස ඇය තමා ජීවවිද්යා ත්මකව මව නොවන දරුවකු උසුලාගෙන සිට බිහි කරයි.
වත්මන් ප්රමජනන තාක්ෂණයේ ප්රකගමනයත් සමඟම ජීවවිද්යාටත්මක මවකගේ කාර්යතය ජන්ම මව (ගර්භබීජය සපයන්නා) සහ ගර්භණී මව (සාමාන්ය යෙන් අන්වාදේශ ලෙස හඳුන්වන ගර්භනී බව දරන්නා) අතර වෙන්කර දැක්විය හැකි ය.

සමාජයීය භූමිකාව


දයාව Bouguereau විසිනි (1878)

ඓතිහාසිකව මව්වරු දරුවන් උස් මහත් කිරීමේ මූලික භූමිකාව සපුරන ලද නමුත්, විසිවන සියවසේ සිට ඇතැම් බටහිර රටවල දරුවන් රැකබලා ගැනීමේදී පියාගේ භූමිකාවට මවට වඩා ප්රිමුඛත්වයක් හා සමාජයීය පිළිගැනීමක් ලබාදී තිබිණි. [5][6]
මාතෲත්වයේ සමාජයීය භූමිකාව හා අත්දැකීම ස්ථානීය වශයෙන් විවිධ වේ."දරුවන් සුරකිමු" සංවිධානය ලෝකයේ රටවල් පෙළගැස්වීමේදී ස්කැන්ඩිනේවියානු රටවල් දරුවන් ජනිත කිරීමට වඩාත් ප්රටවේශම් ප්රරදේශ බවත්, අප්රිැකානු අනු සහරා රටවල් ප්ර වේශම් අඩුම ස්ථාන බවත් සොයාගෙන ඇත.[7]
මෙම පෙළගැස්මේ අවසන් ස්ථාන දහයේ රටවල සිටින මවකට සාපේක්ෂ්ව, මුල් ස්ථාන දහයේ රටවල මවක් ගර්භණීභවායේදී හෝ දරු උපතේදී මියයාමේ 750 ගුණයක ප්රවවණතාවයක් පවතින බවටත්,අවසන් ස්ථාන දහයේ රටවල සිටින මවකට, පළමු උපන්දිනය උදාවීමට ප්ර‍ථම තම දරුවා මියයාම දැකීමේ 28 ගුණයක වැඩි ප්රේවණතාවයක් පවතින බවටත් මෙම අධ්ය0යනය තර්ක කරයි.
දරුවන්ගේ සංස්ලේෂක හා සංවාදාත්මක රටාවන් උද්දීපනය කිරීමට පියාට වඩා මව සුදුසු වේ.[8] ළමුන්ගේ කතාබහ සඳහා වූ දායකත්වය පිළිගැනීමට පියාට වඩා සුදුසු මවයි. [9][10][11][12] මව්වරු දරුවන්ට කතා කරන ආකාරය බොහෝ තරුණ දරුවන්ට ඔවුන්ගේ කථනය තේරුම්ගැනීමේ ප්රුයත්නවලදී පියවරුන්ට වඩා සුදුසු වේ.[9] ආචාරධර්ම මතභේද හා මාතෘත්වයේ සමාජ අර්ථයට සුවිශේෂී වෙනස්කම් මතු කරමින් 1970 වර්ෂයේ සිට කෘතිම ගැබ්ගැන්වීම් මගින් ස්වභාවික වයස් සීමාවන් ඉක්මවා ගැබ්ගැනීමට හැකියාව ලබා දී ඇත.[13][14]
කෙසේවුවත් මෙය බටහිර ලෝක ප්රවජාවගේ දැඩි නැඹුරුවක් පවතින පදවියකි. බටහිර ලෝකයෙන් පිටත කෘතිම ගැබ්ගැන්වීම සඳහා, මූලික සෞඛ්යාගරක්ෂාව, කාන්තා සෞඛ්යබය, ළදරු මරණ අවම කිරීම සහ පෝලියෝ, මැලේරියාව, බෝවන උණ වැනි තර්ජනාත්මක රෝග වළක්වාගැනීම සමඟ සංසන්දනය කළ විට, බොහෝ දුරට අඩු ප්රරමුඛතාවයක්, වැදගත්කමක් හෝ වටිනාකමක් පවතී. එසේම 1970දී පමණ කාන්තාවන්ගේ හා මව්වරුන්ගේ සමාජයීය භූමිකාව පිළිබඳ බටහිර ආකල්ප වෙනස්වීම ඇරඹිණි. ස්ත්රී්න්ට ශ්රවමහමුදාව තුළ වැඩි අවස්ථාවක් ලබාදුන් අතර, වැඩි ස්ත්රීරන් ප්රැමාණයක් පසු වයස්වලදී පළමු වරට මවක් වීම මෙහි ප්ර්තිඵලය විය. මෙම ප්ර්වණතාව 1990දී උච්ච වූ නමුත්, එතැන් සිට පියා ප්ර ධාන උපයන්නා වීමත්, මව නිවස හා දරුවන්ගේ වගකීම භරගැනීමේ සාම්ප්රදායික දැක්මට නැවත අවතීර්ණ විය. [15]

ආගමික පැතිකඩ



හින්දු පාර්වතී මව් දෙවඟන තම පුත් ගනේෂ පෝෂණය කරමින්
]
ලෝකයේ පවතින සෑම ආගමක්ම පාහේ ආගමික නීතියේ හෝ ආගමික සිදුවීම්වලදී දේවත්වාරෝපණයෙන් හෝ උත්තරීතරභාවයෙන් කටයුතු කළ මව්වරු තුළින් මවකගේ කාර්යවභාරය හා භූමිකාව නිර්වචනය කරයි. මව්වරුන්ට හා කාන්තාවන්ට සම්බන්ධ ආගමික නීති සඳහා වන නිදසුන් රාස්ජියක් පවතියි.
මව්වරුන් සම්බන්ධ ආගමික නීති හෝ ශාස්ත්රම ග්රහන්ථ පවතින මූලික ලෝක ආගම් අතර කිතුණුවන[16]්, යුදෙව්වන්[17] සහ මුස්ලිම්වරු [18] වේ. දේවත්වාරෝපණය හා උත්තරීතරභාවය සඳහා කිතුණුවන්ගේ මඩෝනා හෙවත් භාග්යුවත් මරිය මව්තුමිය, හින්දු මව් දේවතාවිය හෝ අතීත ග්රීුක ඩිමිති පිළිගැනීම නිදසුන් වේ.

සමාන පද හා පරිවර්ථන

ළදරුවකුගේ ඉතා ප්රරකට මුල්වදන "මා" වැනි ශබ්දයක් වේ. "අම්මා" යන්නට එය දක්වන ප්රුබල සම්බන්ධය මෙලොව පවතින සියළුම භාෂාවන්හි පවතියි.
හුරුපුරුදු ලෙස “අම්මා” යන්නට විවිධ රටවල ව්යවවහාර වන වෙනත් වදන් මෙසේ ය.
  • මම්, මමී - ඇමරිකාව, කැනඩාව, දකුණු අප්රිමකාව, පිලිපීනය, එංගලන්තයේ බටහිර මිඩ්ලන්තය
  • මමා, මමී - මහා බ්රි්තාන්ය්ය, කැනඩාව, සිංගප්පූරුව, ඕස්ට්රේයලියාව, නවසීලන්තය, අයර්ලන්තය
  • මා, මමී, මැමී - නෙදර්ලන්තය, අයර්ලන්තය, වේල්ස්
  • මා, අම්මා, මාතා - ඉන්දියාව, ශ්රී ලංකාව
ජන කවියා දුටු අම්මා [උපුටා ගත්තේ http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=15801%3A2010-06-14-07-03-54&catid=97%3Aarts&Itemid=116&lang=si]]  පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
ජන කවියා දුටු අම්මා
ලොව ඉමිහිරි අකුරු පෙළ අම්මා ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සිව් බඹ විහරණයට ආකරයද අම්මා ය. ඒ නිසාම ඇය ගෙදර බුදුන් යන විරුදාවලියෙන් පිදුම් ලැබුවා ය.මවුපියන් මහා බ‍්‍රහ්මයාට සමාන බවත් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක අපේ පූර්වාචාර්ය වරුහුද ඔවුන්මය. සිය සුළු මව් වූ ප‍්‍රජාපතී ගෝතමිය කළුරිය කළ අවස්ථාවේ බුදු රදුන් ශී‍්‍ර දේහයට ගෞරව දැක් වූයේ කුඩා කළ වූ තන කිරෙහි මිල ගෙවාලනු නොහැකි නිසා ය.මිනිසුන් නවසිය අනූනවයක් ම මරා ඇඟිලි කපාගත් අඟුල්මල් ගුරු පූජාවට අඩු වූයේ එක ඇඟිල්ලකි. තමා වැදූ මව හෝ මරා එය සම්පූර්ණ කර ගනිමියි සිතු ඇඟිලි මාල නම් තම පුතු සොයා ගියේ අම්මා ය. මළ පුතු අතේ දරා නොමළ ගෙයකින් අබ සෙව්වේද අම්මා ය “පුතේ උඹ බුදුවෙයන් ” පුතුට බුදු වන්නට විරිය දුන්නෙත් අම්මා ය.වැලක ගෙඩි වැලට බරක් නැත. එමෙන් ම කොතෙක් දරුවන් හැදුවත් අම්මාට වැඩියක් නැත. උණහපුලුවා ඉතා අවලස්සන සතෙක්, ඒත් ඌගේ පැටියා ඌට මැණිකකි. දරුවන් වෙනුවෙන් මහමෙර තරම් උසට දුක්ගිනි ඉසිලීමට අම්මා පොහොසත් ය. කිසිදා නොසිඳෙන සෙනෙහසේ උල්පත ගලන්නේ මව් හදවතිනි. “ ලොව සියලු දෙයකට ජීවය දෙන්නේ හිරු එළිය සහ අම්මා ය.” මැක්සිම් ගෝර්කී එසේ කීවේ ය. “ තොටිල්ල පදවන හස්තය ලොව ආණ්ඩු කරයි” නැපෝලියන් බොනපාට් කීවේ අම්මා ගැන සිතා ය. දාර්ශනිකයන්ට මෙන්ම කවියන් හා කලා කරුවන්ටද අම්මා ශ්‍රෙෂ්ඨ කලා කෘතියකි.දරුවන්ට අම්මා තරම් උතුම් වස්තුවක් නැත.ඈත අතීතයේ පටන් මව හා දූ දරුවන් අතර පැවතුණේත් නොසිඳෙන සබඳතාවයකි. ඒ පිළිබඳ කිසියම් අදහසක් පහළ කරවන සුවිශේෂ සාහිත්‍යාංගය ජන කවිය, දරුවන් වෙනුවෙන් මව් වරු ගායනා කළ කවි වලට වඩා මව්වරු වෙනුවෙන් දරුවන් මුවින් ගිලිහුන කවි තුළින් මේ ගැන වඩාත් හොඳින් කියැවෙයි.යම් දරුවෙකුට ඕනෑම කරදරයක් සිදු වූ විට අම්මා සිහි වුණේ නිතැතිනි. දරුවන් කරන හැම හොඳ හෝ නරක කි‍්‍රයාවලදී පැසසුම් හෝ ගැරහුම් ලබන්නේ ද අම්මා ය.මවු කුස තුළ සිටම තමාගේ එකම ආරක්‍ෂකයා අම්මා බව දරුවෝ දනිති.කුඩා දරුවෙකුට කුසගින්නක් දැනුණ විට සොයන්නේ අම්මා ය. අම්මෙකු කිසිදාක දරුවෙකු බඩ ගින්නේ තියා නැත. තමා නිරාහාරව සිට හෝ දරුවන්ගේ කුස පිරවීම ඇයගේ සිරිතයි. අම්මා කවන බත් කටෙහි රස සමාන කළ හැකි රසයක් ලොව නැත.කිරි මදු වැල් කිරිමදුවැල් කිරි   අම්මේඅපිත් කිරට හඬනා දරුවන්   අම්මේඅනුන් දීපු බත් බඩ නොපිරෙයි  අම්මේඈත ඉඳන් මට අත වනපන්  අම්මේඅම්මා අහිමි දරුවෙකු කුසපිරෙන්නට ආහාරයක් ලැබෙන්නේ නැත. මේ එවන් දරුවෙකු නගන විලාපයකි. මෙම කවියේ ‘කිරි’ යන වචනය අවස්ථා කිහිපයකම යෙදී ඇත. කිරි කියන කොට සිහි වෙන්නේ අම්මා ය. අම්මෙකුට කිරි එරෙන්නේ දරුවන් නිසා ය. දරුවන්ට බඩගිනි වූ විට අඬන්නේ කිරි ඉල්ලා ය. ඒ හඬ ඇසුන අම්මා වහා දුව එන්නීය. “ අපිත් කිරට හඬනා දරුවන් අම්මේ” යනුවෙන් දරුවා කියන්නේ අම්මා තමා ළඟට ගෙන්වා ගැනීමටය. “ අනුන් දීපු බත් බඩ නොපිරෙයි අම්මේ” යන පදයෙන් කරුණු කිහිපයක් ගැන සිතා ගත හැකිය. අනුන් කුස පිරෙන්නට බත් නොදෙන බව එකකි, අම්මා ළඟ නැති හෙයින් කෙතෙක් කෑවත් බඩ නොපිරෙන බව තවෙකකි. අනුන් කොතෙක් කන්න දුන්නත් එය සමබර ආහාර වේලක් නොවන බව තවත් කරුණකි. ඒ නිසා අම්මා නැති මට ජීවත් වී වැඩක් නැත. අම්මා සිටින තැනකට මාවත් රැගෙන යන්න. “ ඈත ඉඳන් මට අත වනනුයේ අම්මේ” කීවේ අම්මා සිටිනා තැන සොයා ගැනීමටය.අම්මා පල්ලා අම්මා මයි  අබිප්පරාඅම්මා දුන්නු බත් හැන්දයි   කුසේ පුරාඅනුන් අතින් බත් නොපිරෙයි  හැන්ද පුරාඅම්මේ ගෙට වඩින් බත් කන්න   බඩ පුරාමේ දරුවාගේ කුසේ ඇත්තේ ද අම්මා දුන්නු බත් ය. අම්මා නැති වූ පසු හරියමන් බත් වේලක් තවම ලැබී නැත.නෙතට විල තමයි කඳුළැලි  වැගිරීමකයට බල තමයි රස ඇති   කිරිබීමමරුට බල තමයි ලෙඩ දුක්  ඇතිවීමදුකට මුල තමයි වැදු මව්   නැතිවීමදරුවාට සිදුවන ලොකුම පාඩුව අම්මා අහිමිවීම බව මින් කියැවේ.ඉර පායා ඉර මුදුනට එන්ට   එපාසඳ පායා සඳ මුදුනට එන්ට  එපාපෑදි දියට බොර දිය එක්වෙන්න  එපාඅම්මා නැති අපට බඩගිනි වෙන්න  එපාඅම්මා නැති දරුවෝ කුසගින්න නොදැණේවායි ප‍්‍රර්ථනා කරති. අම්මා නැති කළ කුසගින්න දැනුණද පලක් නොවන බව දන්නා නිසා ය. ගෙදර කටයුතු වලින් වැඩි කොටසක් පැවරී ඇත්තේ අම්මා වෙතය, කැලයට ගොස් දර කඩාගෙන ඒම අම්මාගේ එක් කාර්යයකි. කැලයට ගියත් අම්මාට සිහිවෙන්නේ දරුවන් ය. එකම ගමනකින් කාර්යයන් කිහිපයක් කරගෙන එන අම්මා ගැන දරුවෙකු කී කවියකි මේ.අතට වෙරළු ඇහිඳ  ගෙනේඉනට පලා නෙලා  ගෙනේබරටම දර කඩා   ගෙනේඑයි අම්මා විගස   කිනේ
දුර එන කොට දුනු කෙයියා මලක්  වගේළඟ එන කොට වැට කෙයියා මලක්  වගේගෙට එන කොට ගෙයි ඇවිලෙන පාන  වගේමගෙ අම්මා මට මානෙල් මලක්   වගේදුනුකෙයියා මල, වැටකෙයියා මල, මානෙල් මල අලංකාරයෙන් හා විචිත‍්‍රත්වයෙන් පිරිපුන්ය, අගයෙන් ද ඉහළය, අම්මා ද එලෙසය, දරුවන්ගේ ජීවිතයේ අඳුර දුරුකරන පහනද අම්මා ය.
සුරත් සමරකෝන්

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 14 වෙනි සදුදා, 12:33
 

Thursday, May 10, 2012

ජාතික රූපවාහිනියත් හැලේ CSN පරදියි

ජාතික රූපවාහිනියත් හැලේ
CSN පරදියි

ලන්ඩන් ඔලිම්පික් විකාශන අයිතිය එම්.ටී.වී. සහ එම්.බී.සී. වෙත ...... London Olympics on MTV/MBC -------------------------------------
රුපවාහිනිය ලංකාවට ලැබුණු දා පටන්ම ඔලිම්පික් තරග විකාශන අයිතිය ලැබී තිබුනේ ජාතික රුපවාහිනියටයි. නමුත් මෙවර ඔලිම්පික් තරගාවලියේ විකාශන අයිතිය එම්.ටී.වී. සහ එම්.බී.සී. ආයතන වෙත හිමිව තිබේ.

පසුගිය කාලයේ මෙම තරගාවලියේ මෙරට තුල විකාශන අයිතිය ලබා ගැනිම සදහා CSN නාලිකාවද මෙම ලන්සු තබා ඇති බවට වාර්තා විය. නමුත් එම ලන්සු වලට වඩා වැඩි මුදලක් ගෙවා ‍මෙම ඔලිම්පික් විකාශන අයිතිය එම්.ටී.වී. සහ එම්.බී.සී. නාලිකා ලබා ගෙන ඇති බව වර්තා වේ.

ඔලිම්පික් විකාශන අයිතිය ඔවුන් හට ලැබීමත් සමග නව තේමාවත් යටතේ එහි පුර්ව ප්‍රචාරක පටය ඊයේ දිනයේ දි විකාශනය කරන ලදි.එය චැම්පියන් නෙට්වර්ක්ස් යනුවෙන් නම් කර තිබු අතර එම්.ටී.වී. සහ එම්.බී.සී. නාලිකා 7 ම ඔලිම්පික් උළෙලේ තරග අවස්ථා සජීවීව හා එසැනින් ඔබ වෙත ගෙන ඒමට ඔවුන් සුදානමින් සිටී. The countdown has begun for the 30th edition of the greatest sporting event on earth.
The London Olympics is to kick off on July 27.
The games will be broadcast live on the MTV/MBC Networks. 2012/05/10~

Wednesday, May 9, 2012

ලංකාවේ සතුන් විශේෂ 346ක් වඳවී යාමේ තර්ජනයක

[උපුටා ගත් තැන http://www.lankadeepa.lk/index.php/articles/40816 ]
ලංකාවේ සතුන් විශේෂ 346ක් වඳවී යාමේ තර්ජනයක
ජෛව විවිධත්වය පිළිබඳ මෙරට පළමු සංකල්පය බිහිවන්නේ මහින්දාගමනයෙනි. මිහිඳු මහ රහතන් වහන්සේ එදා මිස්සක පව්වේ සිට දෙසූ දහමෙන් පෝෂිත වූ මෙසිරිලක බිහිවූ රජ දරුවෝ වන ගහණයත්, සත්ත්ව ප‍්‍රජාවත් රැුක ගැනීම සඳහා විවිධ රාජාඥා නිකුත් කළ බවට ඓතිහාසික සාධක රැුසක් දක්නට ලැබේ.
ඒ අනුව මෙරට ජෛව විවිධත්වය සුරැකිය යුතු සම්පතක් බව වටහා ගත්තේ අද ඊයේ නොවන බව සක්සුදක් සේ පැහැදිලි වේ. නමුත් වර්තමානයේ ශී‍්‍ර ලාංකික ජනතාවට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කමත් එහි අවශ්‍යතාවයත් යළි යළිත් පෙන්වාදෙන්නට සිදුව ඇත.
විද්‍යාව හා තාක්ෂණය යොදා ගනිමින් මිනිසා විසින් තමා මත බලපාන්නා වූ සොබා දහමේ පොදු ධර්මතාවයන් වෙනස් කර ඇත. එබැවින් තාවකාලිකව හෝ අඛණ්ඩව හෝ පරිසරයේ සිටිය හැකි මිනිසා නම් ජීවියාගේ උපරිම ප‍්‍රමාණය ඉක්මවමින් වර්ධනය වීමේ හැකියාවක් මිනිස් ගහණයට ලැබී තිබේ. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ලෝකයේ ජනගහණය ශීඝ‍්‍ර ලෙස ඉහළයාමයි.
පෘථිවි තලය තුළ පමණට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් ජීවත්වීම අපේ ප‍්‍රධාන පාරිසරික ගැටලූ බොහොමයකට හේතුවී ඇති කරුණ ලෙස දැක්විය හැකිය. මේ අතින් ප‍්‍රධානතම ගැටලූවක් වන්නේ මිනිස් ජනගහණයේ වර්ධනය වීමට සාපේක්ෂව ලෝකයේ ජෛව විවිධත්වය ඉතා ශීඝ‍්‍රයෙන් විනාශ වී යාමයි. මෙම ගැටළුවට ශී‍්‍ර ලංකාව ද බරපතළ ලෙස මුහුණ පා තිබේ.
මෙහි විශාලතම ඛේදවාචකය වන්නේ ශී‍්‍ර ලංකාව වසර මිලියන ගණනක් ¥පත් රාජ්‍යයක් ව පැවතීම හේතුවෙන් අප රටටම ආවේණික වූ ඉහළ ජෛව විවිධත්වයක් තිබීම හා ලොව කොතනකවත් දක්නට නැති මේ වටිනා විවිධත්වය දැඩි අන්තරායකර තත්ත්වයකට මුහුණ පා තිබීමයි.
මේ පිළිබඳ අවදානම දැනට වසර ගණනාවක සිට නිතිපතා ප‍්‍රකාශයට පත්කැරුනු අතර පසුගියදා ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විශේෂ 346ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයට පත්කිරීමත් සමගම ඒ පිළිබඳ යළි දැවැන්ත කථිකාවතක් ගොඩනැගිය යුතු කාලයක් එළැඹ තිබේ.
ලෝකයේ සියළුම ස්ථාන ආරක්ෂා කිරීමේ හැකියාවක් නොලැබෙන බැවින් ජෛව විවිධත්වය ඉතාමත්ම ඉහළ අගයක් ගන්නා එමෙන්ම විනාශවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ස්ථාන කිහිපයක් තෝරාගෙන ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට සුරැකීමට තීරණය කර තිබිණි. එලෙස තෝරාගනු ලබන ස්ථාන ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස නම් කර ඇත. මෙලෙස තෝරාගත් කලාප අතරින් ශී‍්‍ර ලංකාවට හිමිවූයේ ප‍්‍රමුඛ ස්ථානයකි.
ලංකාවේ ස්වභාවික පරිසරය, වගාබිම් හා වාසස්ථාන වෙනුවෙන් මුළුමනින්ම පාහේ බිලි දී ඇති බවක් පෙනෙන්නට තිබේ. සමස්ථ රටම සැලකූවිට එහි බොහෝ ප‍්‍රදේශ කවර හෝ යුගයක මිනිිසා විසින් හෙළි පෙහෙළි කර තිබූ බවට සාධක හමුවේ. ඒ අනුව ලංකාවේ ස්වභාවික පරිසරයෙන් සියයට 95ක් පමණ විනාශ වී ගොසිනි. ඉතුරුව ඇති ස්වභාවික පරිසර පද්ධතීන්ද විවිධාකාර වූ ආක‍්‍රමණික ශාක හා සතුන් හේතුවෙන් විනාශ වෙමින් පවතී. එමෙන්ම රටට ඔරොත්තු නොදෙන තරම් වූ ජනගහණ වර්ධනය සහ කෘති‍්‍රම රසායනික භාවිතය හේතුවෙන් ඉතුරුව ඇති භූමියද කඩිනමින් විනාශ මුඛය කරා යමින් පවතී. මේ අනුව ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්වීමේ එක් සුදුසුකමක් වන සියයට 70කට වඩා ස්වභාවික පරිසරය විනාශවී යාම යන සාධකය සපුරා තිබුණි.
ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශය හා ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් වසර මිලියන ගණනක් එක්ව තිබූ බවත් එය තවමත් සමාන ලක්ෂණ දරන බවත් සැලකිල්ලට ගනිමින් මෙම ප‍්‍රදේශ දෙක එක් ප‍්‍රදේශයක් ලෙස සලකා ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කිරීමට විද්‍යාඥයෝ කටයුතු කළහ.
ලොව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්වූ ශී‍්‍ර ලංකාවේ දිගින් දිගටම සිදුවන විනාශයන් හේතුවෙන් එය තවදුරටත් දැඩි සේ සුරැකිය යුතු තත්ත්වයට පත්ව ඇත. වර්ග කිලෝ මීටර 65610ක් තරම් වූ භූමිභාගයක් සතු ශී‍්‍ර ලංකවේ භූ විෂමතාවය සහ දේශගුණික වෙනස්කම් මෙරට ජෛව විවිධත්වය වැඩිවීමට දැඩි සේ බලපා තිබේ.
මධ්‍යම කඳුකරයෙන් ආරම්භවන ප‍්‍රධාන ගංගා නවයක් ඇතුළු ගංගා නිම්න 106ක් පිහිටා ඇති මෙරට ජලජ පරිසර පද්ධති අතර ස්වභාවික ජලාශ දක්නට නැතත් මිනිසා විසින් සාදන ලද වැව් 10000ට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ. එමෙන්ම රට වටා පිහිටි මුහුද ආශි‍්‍රතව ද විශාල ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතීන් දක්නට ලැබෙන අතර මහවැලි ගංගාවේ පිටාර කලාපයේ ද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙන ජලය පිරුණු ස්ථානයන්ද ජෛව විවිධත්වය පොහොසත් කිරීමට හේතුවකි.
මෙහි වැදගත්ම සාධකය වන්නේ මෙරට සෑම වර්ග කිලෝ මීටරයක්ම සැලකූවිට හෙක්ටයාර තුනක පමණ තෙත් බිමක් පිහිටා තිබේ. මේ තෙත්බිම් තුළ ජීවත්වන මිරිදිය මසුන් විශේෂ සංඛ්‍යාව 87කි. මෙයින් විශේෂ 27ක් පමණ ශී‍්‍ර ලංකාවට ආවේණිකය.
ශී‍්‍ර ලංකාවේ ස්වභාව විද්‍යා පර්යේෂණ ආරම්භ වී ගතවූ වසර 150ක පමණ කාලයේදී මෙරටින් සොයාගත් ශාක විශේෂ 1100ක් අතරින් විශේෂ 72ක් මේ වනවිට වඳවූ විශේෂ ලෙස සැලකේ. දැනට මෙරටින් වාර්තාව න මල් හටගන්නා හෙවත් සපුෂ්ක ශාක අතරින් විශේෂ 673ක් හෙවත් සමස්ථ ශාක ප‍්‍රමාණයෙන් සියයට 61ක් වඳවී යාමේ තරජනයට ලක්ව ඇත. මෙහි වඩාත් හානිකර තත්ත්වය වන්නේ වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ශාක විශේෂ අතරින් 412ක්ම ලංකාවට ආවේණික විශේෂ වීමයි. ඒවායින් සියයට 37ක් දැඩි අන්තරායකාරී තත්ත්වයේ තිබීම මෙරට පරිසරයට සිදුවී ඇති හානියට හොඳ සාක්ෂියකි. මේ ශාක විශේෂ 412 අතරින් එක් විශේෂයක් හෝ මෙරටින් සමුගතහොත් එය ලෝකයේ ශාකාගාර වල සංරක්ෂිත දර්ශක වලට පමණක් සීමා වූ ශාක බවට පත්වනු ඇත.
සත්ත්ව විද්‍යා පර්යේෂකයන් පවසන්නේ පසුගිය වසර 100ක කාලයේදී ශී‍්‍ර ලංකාවේ උභය ජීවී විශේෂ 21ක් වඳවී ගොස් ඇති බවයි.
මේ වනවිට මෙරටින් හමුවන පෘෂ්ඨවංශී සත්ව විශේෂ 223ක් අතරින් 138ක් හෙවත් සියයට 62ක් ශී‍්‍ර ලංකාවට ආවේණික විශේෂ වෙයි. සත්ත්ව විශේෂ අතරින් සියයට 33ක් හෙවත් විශේෂ 57ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇත. ලෝක සංරක්ෂණ සංගමය ශී‍්‍ර ලංකාව පිළිබඳ රතු දත්ත වාර්තාව ඉදිරිපත් කරමින් පවසන්නේ සෑම පෘෂ්ඨවංශී විශේෂ 12ක් අතරින් එක් විශේෂයක් අනාගතයේ වඳවීයාමට ඉඩ තිබෙන බවයි.
විනාශවී යාමේ තර්ජනයට ලක්වූ සත්ව කාණ්ඩ අතරින් වැඩිම බලපෑමට හසුව ඇත්තේ උරගයන් වන අතර එහි දෙවැනි තැන උභය ජීවීන්ට හිමිව ඇත. පක්ෂීන්, ක්ෂීරපායීන් සහ මත්ස්‍යයන් මේ තර්ජනාත්මක ලේඛණයේ අනුපිළිවෙලට පසුවෙති. ක්ෂීරපායී විශේෂ දෙකක් අතරින් එක් විශේෂයක් ද, උභය ජීවී විශේෂ දෙකක් අතරින් එක් විශේෂයක් ද, උරග විශේෂ තුනක් අතරින් එක් විශේෂයක් ද මත්ස්‍ය විශේෂ තුනක් අතරින් එක් විශේෂයක් ද, පක්ෂි විශේෂ හයක් අතරින් එක් විශේෂයක්  ද නුදුරු අනාගතයේදීම මේ රටින් තුරන්ව යාමේ අවදානමට ලක්ව ඇති බවට පරිසරවේදීහු අනතුරු අඟවා ඇත.
කොදු ඇටපෙළක් නොමැති හෙවත් අපෘෂ්ඨවංශී සතුන් ද දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. ඒ අතරින් ශී‍්‍ර ලංකාවේ හමුවන බත්කූරන් විශේෂ 120ක් අතරින් විශේෂ 57ක් ලංකාවට ආවේණික වන අතර ලංකාවට ආවේණික විශේෂ 20ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත. මෙරට විශේෂිතම සත්ත්ව කාණ්ඩයක් වන්නේ මිරිදිය කකුළුවන්ය. මෙතෙක් වාර්තා වී ඇති මිරිදිය කකුළුවන් විශේෂ 51 ම ශී‍්‍ර ලංකාවට ආවේණික වන අතර ඉන් විශේෂ 37ක් වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබේ. දිවිමකුළුවන් විශේෂ හතක් අතරින් පහක් ලංකාවට ආවේණික අතර ඉන් එක් විශේෂයක්ද වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබේ. මෙරටින් වාර්තාවන භෞමික ගොළුබෙල්ලන් 246කින් 204ක්ම ලංකාවට ආවේණික වෙයි. කොඳු ඇටපෙළක් රහිත සතුන් අතරින් වැඩිම තර්ජනයට ලක්ව ඇත්තේ සමනළයින්ය. ලංකාවේ හමුවන සමනළ විශේෂ 243කින් විශේෂ 20ක් ලංකාවට ආවේණික වන අතර එම විශේෂ සියල්ල මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්වූ විශේෂවේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ආර්.බී. දිසානායක මහතා පවසන්නේ ශී‍්‍ර ලංකාවේ පහතරට තෙත් කලාපයට අයත් සහ මධ්‍යම කඳුකරයට අයත් ප‍්‍රදේශවල තර්ජනයට ලක්වූ විශේෂ වැඩි ප‍්‍රමාණයක් වාර්තා වන බවයි. දැනට වාර්තාවී ඇති තොරතුරු අනුව සත්ව විශේෂ වැඩිම ප‍්‍රමාණයක් තර්ජනයට ලක්වූ දිස්ති‍්‍රක්කය රත්නපුර දිස්ති‍්‍රක්කය වන අතර වැඩිම ශාක ප‍්‍රමාණයක් තර්ජනයට ලක්ව ඇත්තේ මහනුවර දිස්ති‍්‍රක්කයේය.
දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ජනගහණය වැඩිවන විට ජනපද බිහිවීම, ඉඩම් ගොඩකිරීම සහ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක වීම සිදුවනවා. ඒ සමගම වනාන්තර විනාශයත්, ජලවහන රටා වෙනස්වීමත් මැණික් ගැරීම හා කෘෂිකාර්මික කටයුතු වැඩිවීමත් නිරායාසයෙන්ම සිදුවන්නක්. ප‍්‍රතිඵලය වන්නේ ස්වභාවික පරිසර පද්ධතීන්ගේ වෙනස්කම් හේතුවෙන් ඒවායේ ජීවත්වන සත්ව හා ශාක ප‍්‍රජාව දැඩි තර්ජනයකට ලක්වීම. මේ පිළිබඳ අප දෙපාර්තමේන්තු මට්ටමින්, පාසල් මට්ටමින් සහ ප‍්‍රජා සහභාගීත්වයෙන් දැනුම්වත් කිරීම් කරනවා. ඒ වගේම වනාන්තර ඇතුළු පරිසර හානිය වැළැක්වීම සඳහා විවිධ අනපනත් රැුසක් කි‍්‍රයාත්මක කරනවා.”
දිසානායක මහතා පවසන්නේ, ලෝක සංරක්ෂණ සංගමය විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳ නවතම රතු දත්ත පොත එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බවයි. මේ දක්වාම ලබාදීමට ඇත්තේ එම සංගමය විසින් 2007 වර්ෂයේ සකස් කරන ලද රතු දත්ත පොතෙහි සඳහන් කරුණු බවත් ඉදිරි මාස කිහිපයේදී ඇතැම් විට වඳවීයාමේ තර්ජනයට ලක්වූ ජීවී විශේෂ සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි ද සිතිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ලෝකයේ සියළුම රටවල් සැලකූ විට ජෛව විවිධත්වයෙන් අතිශය පොහොසත් රටක ජීවත්වන අප විසින් සිදු කරන්නාවූ කි‍්‍රයාවලියන්ගෙන් මෙම පරිසරය විනාශ වීම තවදුරටත් සිදුවෙමින් පවතින අතර එය වැළැක්විය නොහැකි මට්ටමට ගමන් කර තිබේ. ඒ නිසා මේවා සංරක්ෂණය කරගැනීම සඳහා රටේ සියළුම තරාතිරම් වල ජනතාව මේ පිළිබඳව දැනුම ලබා එය ආරක්ෂා කිරීම සඳහා වාහාම කටයුතු කිරීමට කාලය එළැඹ ඇත. විශේෂයෙන්ම ළමා පරපුර මේ කෙරෙහි යොමු කිරීමෙන් අප රටේ ප‍්‍රධානතම සම්පත වන ජෛව විවිධත්වය සුරැකීම අප සියළු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය.
විශේෂ ස්තූතිය ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයට
සජීව විජේවීර
බුලත් හපයා
ඇතාමල ඇල්ල
ලෝන් ස්නවුටඞ් ටී‍්‍රග්
ද්‍රකුණු පළාත් කළු වඳුරා
අසෝක පෙතියා

Sunday, May 6, 2012

ගගේ සැඩ පහර මැදදී අසු මාරු කිරීම

මේ කවුද? මේ මොකක්ද වෙන්න යන්නෙ. කරන්න හදන්නෙ 
ගගේ සැඩ පහර මැදදී අසු මාරු කිරීම
විදේශ කටයුතු අමාත්‍යාංශය තමාට කියුබාවෙන් හෝ බ්‍රසීලයට ස්ථාන මාරුවක් යෝජනා කර ඇතැයි එක්සත් ජාතීන්ගේ ජිනීවා කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කුනනායගම් පැවසුවාය.



ඇය මේ බව පැවසුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිට බීබීසී සංදේශයට අදහස් දක්වමිනි.

තමා ජිනිවාහී නිත්‍ය නියෝජිත පදවියෙන් ඉවත් කළහොත් එය ශ්‍රී ලංකාවේ දෙමළ හා සිංහල ජනතාව අතර අර්බුදයක් ඇති බව තමරා කුනනායගම් බීබීසී සේවයට පවසා තිබේ.

ඇය පෙන්වා දී ඇත්තේ මේ අවස්ථාව ස්ථාන මාරුවක් සදහා සුදුසු නොවන බැවින් යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

තමා වෙනත් තානාපති කාර්යාලයකට මාරු කළහොත් එය වැරදි ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරිම නිසා ලැබුණු දඩුවමක් ලෙස ඇතැමුන්ට විග්‍රහ කළ හැකිවනු ඇතැයි ද ඇය පෙන්වා දෙන්නීය.

තමරා කුනනායගම් පවසා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ගේ අනාගතය ඔවුන් විසින්ම තීරණය කරගනු ලැබීම වෙනුවෙන් තමා සටන් කළ බවය.

තමා පදවියෙන් ඉවත් කළහොත් එය අමෙරිකාවේ ජිනීවා නගරයේදි ගෙන ආ යෝජනාවලට එරෙහිව සටන් කරනවාට වඩා සම්මුතිවාදී පිළීවෙතක් අනුගමනය කළ යුතු යැයි කී පිරිස්වල ජයග්‍රහණයක් වනු ඇතැයි ද තමරා කුනනායගම් පැවසුවාය.

දෙවසරක ධූර කාලයක් සදහා තමන් පත් කෙරුණු අතර ගතව ඇත්තේ මාස නවයක කාලයක් පමණක් බව පවසා ඇති ඇය, තමා ඉවත් කළහොත් තුන්වසරක කාලයක් තුළ ජිනීවා පදවිය සදහා ශ්‍රී ලංකාවෙන් පත් කෙරුණු තානාපතිවරුන්ගේ සංඛ්‍යාව 4 දෙනෙකු වනු ඇතැයි ද පෙන්වා දී තිබේ.

මෙම මාරුවීමේ යෝජනාව ගගේ සැඩ පහර මැදදී අසු මාරු කිරීමක් හා සමාන බවත් ඇය සදහන් කළාය.

ශ්‍රී ලංකා රජය සම්පාදනය කළ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව ලබන නොවැම්බර් මස 01වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරිමට නියමිතව තිබේ.

ජුනි සහ ඔක්තෝම්බර් මාසවලදි මානව හිමිකම් සැසිවාර දෙකක් ද පැවැත්වීමට නියමිතය.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධඡාන කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම පිළිබඳව අවධානය යොමු කෙරෙන සැසිවාරය ලබන මාර්තු මාසයේදි පැවැත්වේ.

තමරා කුනනායගම්ට ස්ථාන මාරුවක් යෝජනා කර ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය.

මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම පැවසුවේ, තමරා කුනනායගම්ට ස්ථාන මාරුවක් පිළිබඳව ලිඛිතව දැනුම්දීමක් කර නොමැති බවය.

රාජකාරි අවශ්‍යතා මත වරින් වර ස්ථාන මාරු සිදුකරන බව ද ඔහු සදහන් කළේය.



Tag: තමරා කුනනායගම්
http://www.newsfirst.lk/sinhala-news/?view=news_more&id=7132