Friday, May 4, 2012

.අම්මා. අම්මා වරැන් පමනි මතු බුදු වන්නේ


මගෙ අම්මා මෙලොව හැර ගොස් දැනට අවුරැදු 4 ක් පමන වෙනවා. මෙම දර්ශනය මා දුටු විට මට මගෙ අම්මා කොතරම් සෙනෙහෙ පුදන්න ඇතිද කියා මට හැගෙනවා. ඒ වගේම තමා ලෝකයේ සියලු අම්මා වරැ

කලා තුරකින් නරක අම්මා වරැ හිටියත් ඒ අයට ඒ තත්වයට වැටෙන්නට යම් කිසි හේතුත් ඇති.
කෙසේ වෙතත් අම්මාගේ සෙනෙහස කොතරම්ද කියා මේ දර්ශනයෙන් ඔබට වැටෙහෙනු ඇත. බලන්න අම්මාගේ කිරි දරැවාට ඇති අසීමිත සෙනෙහස නිසා වැගිරෙන ආකාරය.දෑස් වලට කදුලු උනනවා නේද. මට අම්මා ගැන වර්නනා කරන්න ගොඩාක් දේ තිබෙනවා නමුත් ඔබ මෙම දර්ශනයන් බලා ඔබම වටහා ගන්න.

හැබැයි තව දෙයක් කියන්න තියෙනවා දැන් අම්මලානම් රෑපය නිසා මෙහෙම නැ නේද ඒ වග් අය ඉන්නවද බලන්න හිටියත් ගමේ ගොඩේ අම්ම කෙනෙක් තමයි.
මම මේ සම්බන්දව උපුටාගෙනත් දමනවා සියලු දේ බලන්න. [ http://www.navaliya.com/2011/12/19/health1.html] [ඔබේ කිරිකැටියාට පළමු මාස 06 සම්පූර්ණ වන තෙක්‌ මව් කිරි පමණක්‌ දිය යුතු බව අපි පසුගිය සතියේ ලිපියෙන් මතක්‌ කළෙමු. පළමු මාස හය සම්පූර්ණ වන තෙක්‌ කිරිකිටියාට අවශ්‍ය කෑම , බීම, ප්‍රතිශක්‌තිය, ජලය, විටමින් සියල්ල ඔබගේ මව්කිරිවල අවශ්‍ය පමණට අඩංගු වේ. කිරි කැටියාට මේ කාලයේ දී වතුරවත් අවශ්‍ය නොවේ. මවකට කිරි එරීමේ දී කිරි වේලක මුලින් එරෙන කිරිවල වැඩිය ඇත්තේ ජලය යි. අපි කෑමට පෙර බීමක්‌ දී පිපාසය නිවාගන්නවා වාගේ කිරි වේල් ස්‌වභාවයෙන් පිපාසය නිවාගැනීමටත් නිපද වී තිබේ. මව් කිරි වල තමයි වැඩිපුර ශක්‌තිය අඩංගු වෙන්නේ. දරුවාගේ බර වැඩි වෙන්න මේ කිරි අවශ්‍යයි. හරියට ම ආහාර වේලක අන්තිමට තෙල් වැඩි අතුරුපසක්‌ ලැබෙනවා වගෙයි. දරුවාට කිරි වේලක පළමු කිරි සහ පසු කිරි දෙක ම අවශ්‍ය වේ. දරුවාට අවශ්‍ය වේලාවක්‌ එක්‌ පියයුරකින් කිරි බී ඔහු හෝ ඇය ම පියයුර අත අරින තුරු විමසිලිමත්වීම ඉතා වැදගත් වේ. ඔහු හෝ ඇය පියයුර අත ඇරි විට අනෙක්‌ පියයුර වෙත ඔවුන්ව යොමුකළ යුතුයි. දරුවන්ට අවශ්‍ය නම් පමණක්‌ ඔවුන් එයින් කිරි බොයි. නැතිනම් දෙවන වර දරුවා කිරි බොනවිට දෙවන පියයුර ලබාදීමට ඔබ කටයුතු කළ යුතු යි. සෑම කිරි වේලකට ම පෙර පියයුර සේදීම සුදුසු නොවේ. එවිට සිදු වන්නේ පියයුරේ සම ආරක්‌ෂා කරන ස්‌වභාවික තෙල් වර්ග අනවශ්‍ය ලෙස සේදී යාම යි. මෙය දිගින් දිගට ම වීමෙන් පියයුරේ සම වියළී තුවාල වීමට ඉඩ තිබේ. ඔබ ඇතැම්විට සේදීම සඳහා සබන් වර්ග ශාරීය ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ද විලවුන් වර්ග ගැල්වීමෙන් ද දරුවාට අහිතකර තත්ත්ව ඇතිවිය හැක. ඇතැම්විට දරුවා කිරි අත්හැරීමට ද මෙය බලපෑ හැකිය. පියයුර සේදීම වෙනුවට කිරි දීමට පෙර ඔබගේ දෑත් හොඳින් සෝදා ගැනීම ඉතා වැදගත්. රාත්‍රියට කිරි දීමෙන් පසු දිනට එරෙන කිරි ප්‍රමාණය වැඩි වේ. එමෙන් ම කිරි දෙන මවගේ සිතුවිලි ප්‍රබෝධමත් කරයි.

කිරි දෙන මවකට මෙවැනි ගැටළු ඇතිවුවහොත්...

* කිරි දිමේදීත් තන පුඩුවේ ඇතිවන වේදනාව.

මෙසේ බොහෝ විට සිදුවන්නේ දරුවා පියයුර නිවැරදිව අල්වා ගෙන නොමැති නිසා ය. එනම් තන පුඩුව පමණක්‌ උරා බීමෙන් මෙවැනි වේදනාවක්‌ ඇති වේ.

* කිරි තද වීම

මෙම තත්ත්වයට බොහෝ විට හේතුවන්නේ දරුවා නිසියාකාරව පියයුර අල්වාගෙන නොමැති වීම යි.

* දරුවා කිරී බී අවසන් වූ විට පියයුරෙන් ඉවත් නොවීම

* කිරි බීමේදී හෝ කිරි බීමෙන් පසු දරුවා අසහනකාරී ලෙස හැසිරීම.

මෙසේ වූ විට අපේ මව්වරුන් දරුවාට මව්කිරි වෙනුවට නොයෙක්‌ පිටි කිරි වර්ග දීමට පෙළඹේ. නමුත් එසේ නොකළ යුතුයි. මෙහි දී සිදු වී ඇත්තේ ඔබේ කිරි ප්‍රමාණය අඩුවීම නොව දරුවා නිය ම ආකාරයට පියයුර වෙත සම්බන්ධ නොවීමයි. නිවැරදි ක්‍රමය අනුගමනය කිරීමෙන් මෙම තත්ත්වයන් ඉවත් වේ. සෑම විට ම දරුවෙකු කිරි උරා බිය යුතුය. පැය 24 ක්‌ තුළ අවම වශයෙන් කිරි වේල් 10 කට වඩා දරුවෙකුට අවශ්‍ය වේ. එම නිසා මව්කිරි අසම සම ගුණය තේරුම් ගෙන දරුවාට මව් කිරි දීමට මවක්‌ වන ඔබ හැම විට ම කටයුතු කළ යුතු ය.

පවුල් සෞඛ්‍ය කාර්යාංශය,

ලෝක සෞඛ්‍ය සංවිධානය,

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය

එක්‌ව පැවති මවු කිරි දීම ප්‍රචලිත කිරීමේ මාධ්‍ය වැඩමුළුව ඇසුරෙනි.

- හරින්දී ලියනගේ
]
— with Chamil Rupasinghe and 48 others.

No comments:

Post a Comment