Thursday, June 21, 2012

සිංහරාජයේදී සුදු වුනු කළු වදුරා

සිංහරාජයේදී සුදු වුනු කළු වදුරා




ගාල්ල දිස්ති‍්‍රක්කයේ කෙළවරක පිහිටි නෙළුව නගරයේ සිට සිංහරාජ වනාන්තරය සමීපයට පැමිණි අපි එතැන් සිට දැවැන්ත වන ගහණය මැදින් වැටී ඇති අති දුෂ්කර වූ මාර්ගය ඔස්සේ ලංකාගම දක්වා පැමිණියෙමු.
එතැන් සිට සාමාන්‍ය ගැමියන් මෙන් වෙස්වලාගත් අපේ කණ්ඩායම වනාන්තරයට වැදුණේ තවත් එක් අපූරු සත්ත්ව කොට්ඨාශයක් සොයා යාමේ අදිටනෙනි.
ලේ සුවඳ සොයා පැමිණෙන දහස් සංඛ්‍යාත කූඩැල්ලන්ගේ නොනවතින ප‍්‍රහාරයෙන් දැඩි සේ පීඩා විඳිමින් ඉදිරියට ගමන් කරද්දී රූස්ස වනයෙන් වානරයකුගේ කෑ ගැසීම් ශබ්දයක් ඇසුනෙන් ඉද්දගැසුවාක් මෙන් නතර වූ අපි වඩ වඩාත් විමසිලිමත් වීමු.
වනාන්තර ඉම දෙසින් නැගුණු ඒ හ`ඩට පිළිතුරු හ`ඩක් නැගිණි.
‘‘ මහත්තයෝ අන්න අර ඉසව්වෙ තමයි කට්ටිය මේ වෙලාවට ඉන්නේ ’’ අපේ මගපෙන්වන්නා පවසයි.
අපි ටිකෙන් ටික සෙමින් සෙමින් ශබ්ද නොනගා ඒ දෙසට ලං කළෙමු. තුරු මුදුන් මත දකුණු පළාත් කළු වඳුරා හෙවත් සෙමිනොපිතිකස් වෙටුලස් වෙටුලස් නමින් හැඳින්වෙන ශී‍්‍ර ලංකාවට ආවේණික උප විශේෂයේ තද කළු පැහැති වඳුරකු කොළ කඩා කමින් සිටියේය.
තවත් වඳුරන් කිහිපදෙනකු ඒ දෙසට එන බව ගස් අතු සෙළවෙන ශබ්දයෙන් අපට ඇසේ.
පුදුමයකි. ඒ සුදෝ සුදු වඳුරන් කිහිප දෙනෙකි. වසර තුන්සියයකට වැඩි කාලයක් ලොව පුරා සත්ත්ව විද්‍යාඥයන්ගෙන් වසන් වී සිටි ශී‍්‍ර ලංකාවේ ජෛව විවිධත්වයට අපූරු ආභරණයක් බඳු මේ සුන්දර සත්ත්වයා අප ගැන තැකීමක් නැතිව තුරු මතට වී ආහාර බුදිමින් සිටින්නේ ඒ දසුනෙන් අප වශීකෘත කරමිනි.
මගේ කැමරාව නොනවත්වා කි‍්‍රයාත්මක වෙමින් තිබේ. ඔවුහු ඒ මේ අත පනිමින් කරන රංගනයන් වනයේ දුෂ්කර බව අපගෙන් ඈත් කොට ඇත.
ශී‍්‍ර ලංකාවේ සිරගත ජීවිතයක් ගත කළ රොබට් නොක්ස් සිය ්‍යසිඑදරසජ්ක ඍැක්එසදබ දෙ ක්‍ැහකදබ ්බ ෂික්බා සබ එයැ ෑ්ිඑ ෂබාසැි නම් ග‍්‍රන්ථය ලියමින් 1681 දී ලෝකයට මුල් වරට හෙළිකරන ලද ශී‍්‍ර ලංකාවේ සුදු වඳුරා අප ඉදිරිපිට දක්නට ලැබේ. රොබට් නොක්ස් ඒ බව සඳහන් කිරීමෙන් පසු 1861 දී එමර්සන් ටෙනන්ට් ඔයැ භ්එමර්ක ්‍යසිඑදරහ ක්‍ැහකදබ ග‍්‍රන්ථයේද ඩබ්ලිව්.ඩබ්ලිව්.පිලිප්ස් 1923 දී ඵ්පප්කි දෙ ක්‍ැහකදබ නමැති ග‍්‍රන්ථයේද ශී‍්‍ර ලංකාවේ සුදු වඳුරන් ගැන සඳහන් කැර ඇතත් මේ පිළිබඳ වූ පළමු සටහනට වසර 330 ක් ගතවනතුරු කිසිදු ස්ථානයකින් සුදු වඳුරන් හමුවී නැත.
මෙතෙක් කාලයක් සිංහරාජ මහා වනාන්තරයේ සැ`ගවී සිටි ශී‍්‍ර ලංකාවේ සුදු වඳුරන් ලෝකයට විද්‍යාත්මකව ඉදිරිපත් කිරීමේ අවස්ථාව උදාවූයේ ඒ ආකාරයෙනි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය දකුණු පළාත් කළු වඳුරා පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී ලැබුණු තොරතුරක් අනුව මෙම සොයාගැනීම සිදුකැර තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මෙසේ කීවේය.
ශී‍්‍ර ලංකාවේ කළු වඳුරන් උප විශේෂ හතරක් ජීවත් වනවා. දකුණු , උතුරු, බස්නාහිර සහ කඳුකර වශයෙන් හඳුන්වන මේ උප විශේෂ හතරම ශී‍්‍ර ලංකාවට ආවේණික වීම විශේෂත්වයක්. මේ අතරින් දකුණු පළාත් කළු වඳුරා පිළිබඳ අපි ගැඹුරු අධ්‍යයනයක් කළා. එහිදී ඔවුන්ගේ ආහාර රටාවන් ඔවුන්ගේ පැවැත්මට ඇති තර්ජන සහ සංරක්ෂණ කි‍්‍රයාදාමයන් පිළිබඳ අපි අධ්‍යයනය කළා. ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්ක දෙකේ සිටින වඳුරන් රංචු 30 කට අධික ප‍්‍රමාණයක් ගැන වර්ෂ කිහිපයක් අධ්‍යයනය කරමින් සිටියදී තමයි මේ සුදු වඳුරන් කිහිප දෙනකු සිංහරාජය ආසන්නයේ දක්නට ලැබෙන බවට නෙළුව ප‍්‍රදේශයේ කිතුල් මදින්නන්ගෙන් තොරතුරු ලැබුණේ. ඒ 2010 වර්ෂයේදී.
එම තොරතරට අනුව සංගමයේ ගවේෂකයන් දෙදෙනකු සිංහරාජයට යැවූ මධුර සුදු වඳුරන්ගේ ඡුායාරූප ගැනීමේ අභියෝගය ඔවුන් දෙදෙනාට භාර දුන්නේය. දින දෙකකින් සාර්ථක ප‍්‍රතිඵල ලැබිණි. ඔවුන්ගේ කැමරාවල සුදු පැහැති වඳුරන් කිහිපදෙනකුගේ දර්ශන සටහන්වී තිබිණි. එය දුටු පර්යේෂකයන්ගේ මතය වූයේ මේ වඳුරන් ඇලි බවට පත්වූ වඳුරන් නොවන බවයි.
සතුන්ගේ විවිධ වර්ණ දක්නට ලැබේ. මෙම වර්ණවලට හේතුවන ජානය නිලීන වීමෙන් හෙවත් ප‍්‍රමුඛ ජානයක් බවට පත්නොවීමෙන් ඇතැම් අවස්ථාවලදී සුදු පැහැති සතුන් වාර්තා වන අවස්ථා දක්නට ලැබේ. දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සුදු පැහැති කපුටා ද, පසුගිය දිනක යාල වනෝද්‍යානයෙන් වාර්තා වූ සුදු පැහැති ඌරා ද එවැනි නිලීන ජාන පිහිටීම හේතුවෙන් ඇලි බවට පත්වූ සතුන් කිහිප දෙනෙකි. ඇලි බවට පත්වූ සතුන්ගේ ශරීරය සම්පූර්ණයෙන්ම සුදු පැහැති වන අතර මුහුණ පවා රෝස පැහැයෙන් දක්නට ලැබීම විශේෂත්වයි.
සිංහරාජ වනයෙන් හමුවූ මෙම වඳුරන් ඇලි බවට පත්වූ සතුන් නොවන බවත් ඔවුන් කළු වඳුරාගේම වෙනත් වර්ණ ප‍්‍රබේදයක් බවත් මධුර ද සිල්වා මහතා පවසයි.
සිම්බාබ්වේ දේශයේ දක්නට ලැබෙන සුදු සිංහයන් සහ කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ¥පත් හි දක්නට ලැබෙන සුදු වලසුන්ද සිංහරාජයේ සුදු වඳුරන් මෙන් විශේෂිත වර්ණ ප‍්‍රබේදයකින් යුතු සත්ත්ව කොට්ඨාශයකි. එබැවින් මේ සොයාගෙන ඇත්තේ ලොව මෙතෙක් හමුවූ එවැනි වර්ණ ප‍්‍රබේදයක් සහිත තවත් සත්ත්ව විශේෂය වීම ශී‍්‍ර ලංකාවේ ජෛව විවිධත්ව අගය තව තවත් වැඩි කරන්නකි.
සතුන්ගේ වර්ණය ලබාදීමට හේතුවන ජාන අතරින් එම්.ජී. 01 ආර් නමින් හැඳින්වෙන ජානය වැඩිපුර පිහිටීම හේතුවෙන් මෙවැනි සුදු වර්ණයෙන් යුතු සතුන් බිහිවන බව සත්ත්ව විද්‍යාඥයන් විසින් තහවුරු කැර තිබේ. යුරෝපීය මිනිසුන්ගේ සුදු හම සහ දුඹුරු කෙස් ඇති වන්නේ ද මෙම ජානයේ කි‍්‍රයාකාරීත්වය හේතුවෙනි. එය කිසිසේත්ම ඇලි බාවය නොවේ.
මෙලෙස සුදු වර්ණ ප‍්‍රබේදයෙන් යුතු සතුන් බිහිවන්නේ සතුන්ගේ වර්ණය තීරණය කරන ජාන අතරින් එම්.ජී. 01 ආර් නමින් හැඳින්වෙන ජානය වැඩිපුර පිහිටීමෙන් බව විද්‍යාත්මකව තහවුරු කැරගෙන තිබේ. යුරෝපීය ජාතිකයන්ගේ සුදු සම සහ දුඹුරු කෙස් ඇතිවීමට හේතුවන්නේ ද මෙම ජානයයි.
මෙවැනි සතුන් පිළිබඳ ලෝකයේ වාර්තා වී ඇති දත්ත අපි විශ්ලේෂණය කළා දැනට සිංහරාජයේ දෙනියාය, නෙළුව, ඇතුළු ඒ අවට ප‍්‍රදේශයේ දක්නට ලැබෙන කළු වඳුරන් රංචු 14 ක මේ වර්ණ ප‍්‍රබේදය සහිත සතුන් දක්නට ලැබෙනවා. එය ඇලි බාවය නොවේයැයි අපි විද්‍යාත්මකව තහවුරු කළා. පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු වූ නදික හපුආරච්චි මහතා එසේ කීවේය.
මධුර ද සිල්වා, නදික හපුආරච්චි සහ පී.ඒ.රොහාන් කි‍්‍රශාන්ත නම් පර්යේෂකයන් තිදෙනා සිංහරාජයෙන් හමුවූ සුදු වඳුරන් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ පවත්වා ඔවුන් දකුණු පළාත් කළු වඳුරා නැමැති මෙරටට ආවේණික උප විශේෂයේ වර්ණ ප‍්‍රබේදයක් බව තහවුරු කැර තිබේ. මේ පිළිබඳ ලියන ලද පර්යේෂණ පති‍්‍රකාව ජාත්‍යන්තර ලෝරිස් ස`ගරාවේ 25 වැනි වෙළුමේ හයවැනි ඉදිරිපත් කිරීමේ ප‍්‍රකාශයට පත්කොට තිබේ.
වඳුරන් කරදරකාරී සත්ත්ව විශේෂයක් ලෙස සැළකීමට බොහෝ ලාංකිකයන් පුරුදුව ඇතත් ශී‍්‍ර ලංකාවේ දක්නට ඇති කළු වඳුරන් උප විශේෂ හතරම මෙරටට ආවේණික වීම විශේෂත්වයකි. ඒ අතරින් දකුණු පළාත් කළු වඳුරා කළු ගෙ`ග් දකුණු ඉවුරේ සිට මාතර දක්වාත් රට අභ්‍යන්තරයෙන් බලංගොඩ දක්වාත් වාර්තාවේ. අනෙක් උප විශේෂ වලට වඩා දැඩි කළු පැහැයකින් යුතු මෙම වඳුරු විශේෂයේ වලිගයේ මුල සිට කොඳු නාරටිය දක්වා දිවෙන රිදීවන් පැල්ලමක් දකින්නට ලැබීමෙන් පහසුවෙන් හඳුනාගැනීමට හැකිවේ.
දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිවීමෙන් මොවුන්ගේ වාස භූමිය යළි කිසිදා සම්බන්ධ කළ නොහැකි ආකාරයට දෙකඩ වී තිබේ. තව ද තේ වගාව සඳහා වනාන්තර හෙළි කිරීමත් මොවුන්ගේ පැවැත්මට තර්ජනයකි. විදුලි රැුහැන් හරහා ගමන් කිරීමේදී විදුලි සැර වැදීමත් මාර්ග හරහා යාමේදී රිය අනතුරු වලට භාජනය වීමත් කළු වඳුරාගේ පැවැත්මට හානිකර වේ.
පර්යේෂකයන් පවසන්නේ සිම්බාබ්වේ දේශයේ සුදු සිංහයන් සහ කැනඩාවේ සුදු වලසුන් ඒ රටවල් දෙකේම ජාතික සංකේත ලෙස භාවිතා කරන බවයි. මේ සතුන් ඒ තරමටම වැදගත් බව ඔවුන් පෙන්වා දෙයි.
කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ¥පත් වල ජීවත්වන සුදු වලසුන්ගේ ජෛව විද්‍යාත්මක වටිනාකම හේතුවෙන් එම ¥පත් හරහා ඉදිකිරීමට කටයුතු කළ තෙල් නල මාර්ගයක්ද නවතා දැමීමට කටයුතු කැර තිබේ.
එවන් වටිනාකමක් සහිත සත්ත්ව කොට්ඨාශයක් මෙරටින් සොයා ගැනීමට හැකිවීමෙන් ශී‍්‍ර ලංකාවේ ජෛව විවිධත්ව අගය තව තවත් තීව‍්‍ර වේ . සුදු වඳුරන් අපරටට ආභරණයක් බවට පත්වනු ඇත.

No comments:

Post a Comment