Thursday, June 21, 2012

දුකට සැපට ලග ඉන්නා බුලත්

400px‎ ඔබව සාදරයෙන් පිලිගනිමි ආයුබෝවන්

      

බුලත්

කුලය: Piperaceae

Genus: Piperacea

විද්‍යාත්මක නාමය: Piper betle L.

 

ඉතිහාසය


සදාහරිතල බහුවාර්ෂික වැලක් වන බුලත් ශ්රී ලංකාව පුරාම වගා කිරීම සිදු කරයිග  බුලත් කොලය ප්රධාන වානිජ නිෂ්පාදනය වන අතර පුවක්ල හුනුල දුම්කොල සහ වෙනත් සංයෝග සමඟ සැපීම සඳහා භාවිතා කරයිග  ශ්රී ලංකිකයන්ගේ බුලත් සැපීමේ පුරුද්ද ක්රිස්තුපුර්ව 340 දක්වා ඈතට විහිදෙයිග  එම කාළයේ උසස් සමාජය තුල බුලත් ගරු බුහුමන් ලබන අංගයක් වියග  මැලේසියාව හෝ ආශ්රිත නැගෙනහිර ආසියාතික කළාපය තුල බුලත් වල සම්භවය සිදු වූ බව විශ්වාස කරන අතර චීන හා අරාබි වෙළඳුන් විසින් ශ්රී ලංකාවට සහ ෙවනත් දකුණු ආසියාතික රටවල් වලට හඳුන්වා දී ඇතග  කෙසේ වුවද බුලත් වගා දර්ශ දහයකට වඩා ශ්රී ලංකාව තුල සොයාගෙන ඇතග 

වර්ථමානයේ දේශීය පරිභෝජනය සහ අපනයන සඳහා බුලත් වගා කරනු ලබන අතරල වගා කරන ප්රධාන රටවල් නම් ශ්රී ලංකාවල ඉන්දියාව තායිලන්තය සහ බංගලිදේශය ෙවයිග  පකිස්තානය ශ්රී ලංකාවේ බුලත් ආනයනය කරන ප්රධාන රට වෙයිග. 

නිෂ්පාදන සහ ප්රයෝජන


බුලත් කොලය ආර්ථික සහ ඖෂධීය වටිනාකමින් පොහොසත් නමුත් ඈත අතීතයේ සිටම විට සැපීමේ කාර්යය සහ උත්සව අවස්ථා සඳහා වෙනත් ද්රව්ය සමඟ භාවිතා කරයිග  බුලත් සැපීම සඳහා ගනු ලබන වෙනත් සංයෝග රටින් රටට වෙනස් වෙයිග 

බුලත් මඟින් අගය එකතු කල නිෂ්පාදන කීපයක් හඳුන්වා දී ඇති අතර ඒවා නම් දන්තාලේපල මුඛ සෝදන දියරල සබන් වෙනුවට යෙදිය හැකි ආදේශන දියරල මුහුනට යෙදිය හැකි සාරයන්ල ක්ෂණික බුලත් විට සහ කැබලි වේ.

ප්රධාන වගා කරන ප්රදේශ

බුලත් ශ්රී ලංකාව පුරාම වගා කරන අතර අපනයන ගුණාත්මයෙන් :තද කොල පැහැතිල ගණකම්ල විශාලල ප්රමාණයේ බුලත් කොල*  යුතු වානිජ නිෂ්පාදනයක් ලෙස ,කලු බුලත්,  ෙලස හඳුන්වාදෙන බුලත් වගාව කුරුණෑගලල ගම්පහල කෑගල්ලල කලුතර සහ කොළඹ යන දිස්ත්රික්ක කිහිපයකට සීමා වී ඇත.

ප්රභේද

දේශීය බුලත් ප්රභේද විශාල ප්රමාණයක් ශ්රී ලංකාව තුල වගා කරන අතර ,මානෙරු,ල ,රට දලු, සහ ,ගල්දලු, උසස් අපනයන ගුණාත්මය සහිත ජනප්රිය බුලත් ප්රභේද වෙයිග. 

පස හා දේශගුණික අවශ්යතා

පස

ශ්රී ලංකාවේ තෙත් කළාපයේ සිට වියළි කළාපය දක්වා හොඳින් ජලය බැසයන සරු පසෙහි බුලත් සාර්ථකව වගා කල හැකියිග  විශේෂයෙන්ම කුරුණෑගල සහ ගම්පහ දිස්ත්රික්කයේ ලැටරයිට් සහ මැටි ලෝම් පස බුලත් වගාව සඳහා ඉතා සුදුසු ෙවයිග  වතුර රඳනු ලබන හෝ ක්ෂාරීය පස බුලත් වගාව සදහා සුදුසු නැත.
දේශගුණය
උච්චත්වය - මුහුදු මට්ටමේ සිට මීටර් 1000 දක්වා සාර්ථකව වගා කල හැකියිග  වර්ෂාපතනය - හොඳින් පැතිරුණු වාර්ෂික වර්ෂාපතනයක්ග

බුලත් හිරුඑළිය ප්රිය කරන වැලක් වුවද වියළි කළාපයට වඩා තෙත් හා අතරමැදි කලාපයේ හොඳ ගුණාත්මක නිෂ්පාදනයක් පෙන්වයිග  අවශ්යතරම් සෙවන සහ ජල සම්පාදනය සාර්ථක වගාවක් සඳහා අත්යාවශ්ය වන අතර උණුසුම් වියළි සුළඟ හිතකර නොවන අතර වර්ධනය බාල කරයි.

භෝග ස්ථාපනය

රෝපන ද්රව්ය
බුලත් සාමාන්යයෙන් කඳ කොටස් කිරීම මඟින් ගුණනය කිරීම සිදුකරයිග  මෙම කපන ලද කඳ කොටස් නිරෝගී විය යුතු අතර වැඩි අස්වැන්නක් සහ විශාල ප්රමාණයේ තද කලු කොල පැහැති බුලත් කොල ලබාදෙන මව් වැලකින් ලබාගත යුතුයිග  කැපු වැල් කොටස් කෙලින්ම ක්ෂේත්රයේ සිටුවීමට හෝ මතුපිට පස්ල ගොම පොහොරල කොහුබත් සහ වැලි සමාන කොටස්  යොදා සකස් කල මිශ්රණයෙන් පුරවන ලද පොලිතීන් මලු තුල මුල් අද්දවා පසුව ක්ෂේත්රයේ සිටුවීම ද කළ හැකියි.
ක්ෂේත්රයේ සිටුවීම
Bබුලත්ල සාමාන්යයෙන් ගිලුනු පාත්ති තුල සිටුවනු ලැබේග  ක්ෂේත්රය සමතලාල හොඳින් ජලය බැසයන සහ හොඳින් හිරුඑළිය ලැබෙන බිමක් විය යුතු අතර අඩුම ලෙස වසර 2 ක කාළයක්ල බැක්ටීරියා කොළ අංගමාර රෝගය ආසාදනය නොවු ක්ෂේත්රයක් විය යුතුයිග බිම් සකස් කිරීමෙන් පසු මීටර් 1ග2  ඞ මීටර් 7ග5 ප්රමාණයට පාත්ති සකස් කරනු ලැබේග  පාත්තියක ප්රමාණය ක්ෂේත්රයේ ඉඩ ප්රමාණය මත තීරණය වෙයිග   පාත්ති අතර අමතර ඉඩක්  තැබිය  යුතු අතර එය රෝග පැතිරීම වැළැක්වීම සඳහා ද බෝග නඩත්තු කටයුතු සඳහාද ඉවහල් වෙයිග  පිදුරු ගිනි තැබීම හෝ අලු එකතු කිරීම මඟින් පාත්ති ජීවානුහරණය කල යුතු අතර පාත්ති සියල්ල වටකරල පළල සෙන්ටි මීටර් 30 ක් හා ගැඹුර සෙන්ටි මීටර් 60 ක් වන ජලය බැසයන කාණුවක් දැමිය යුතුවේග

බුලත් වැල ඉහළට වර්ධනය වීම සඳහා ජීවි හෝ අජීවී ආධාරකයක් :ඉනි* සැපයිය යුතු අතර පරතරය සෙන්ටි මීටර් 45 ඞ සෙන්ටි මීටර් 45 වන සේ ක්ෂේත්රයේ සිටුවිය යුතුයග  එක් ආධාරකයකට බුලත් පැල දෙකක් සිටුවිය යුතු අතර ආධාරකය සිටුවීමට පෙර දීලීරනාශකයක මිනිත්තු දෙකක් පමණ ගිල්වා ගත යුතුයිග 

බුලත් පාත්ති වල සිටුවීම වෙනුවට තනි පැලයක් ලෙස සිටුවීම ද කල හැකියිග  සෙන්ටි මීටර් 30 ඞ සෙන්ටි මීටර් 30 වන වලක් තුල සිටුවා ගොම පොහොර සහ මතුපිට පස් වලින් එය පිරවීම කල යුතුයිග  ඉන්පසු සෙන්ටි මීටර් 2-4 දක්වා විශ්කම්භයක් ඇති ඉන්නක් ආධාරකය ලෙස සිටුවිය යුතුයිග  පැල දෙකක් අතර පරපරය සෙගමීග 1ග8 ඞ සෙගමීග 1ග8 විය යුතු අතර ජීවී ආධාරකයක් ලෙස ග්ලිරිසිඩීයා හෝ කල් පවතින අජීවී ඉන්නක් ආධාරකයක් ලෙස භාවිතා කල හැකියිග 

පාත්ති පොල් අතු වලින් හෝ වෙනත් සෙවිලි ද්රව්යයකින් සති 4-6 දක්වා කාළයක් ආවරණය කළ යුතුයිග  දිනකට වරක් හෝ දෙවරක් ජලය යෙදීම කල යුතු අතර දින 20 - 45 කාළයක් තුල අංකුර ඒම සිදුවේග  ඉන්පසු සෙවනට දැමූ ආවරණය ක්රමයෙන් ඉවත් කළ යුතුය.

බෝග කළමනාකරණය

පොහොර යෙදීම.
සති 3-4 ට වරක් බුලත් කොල කැඩීම සිදුවන නිසා පෝෂ්ය පදාර්ථ ප්රමාණයක් ක්ෂේත්රයේ ඉවත් වෙයිග  එම නිසා හොඳ වර්ධනයක් සහ උසස් අස්වැන්නක් සඳහා රසායනික පොහොර භාවිතය අත්යාවශ්ය වෙයි. 
නිර්දේශිත පොහොර

යුරියා             -    ග්රෑම්ග 195
ට්රිපල් සුපර් ෆොස්පේට්     -    ග්රෑම්ග   65
මියුරියේට් ඔෆ් ෆොටෑෂ්     -    ග්රෑම්ග 100
කිසරයිට්         -    ග්රෑම්ග   60

මෙම මිශ්රණයෙන් ග්රෑම්ග 420 ක් බුලත් වැල් 100 ක් සඳහා සෑම සති තුනකට වරක් යෙදිය යුතුය.
කාබනික පොහාර
Iආරම්භයේදීම ගොම පොහොර හෝ කාබනික පොහොර පාත්ති වලට දැමිය යුතු අතර මාසයකට පසු අලුත සිටුවන ලද පැල වලට හානි නොවන සේ පස සමඟ හොඳින් මිශ්ර කළ යුතුයග  හොඳින් දිරන ලද කුකුළු පොහොර හෝ එළු පොහොර බුලත් වගාව සඳහා යෙදිය හැකිවේග  දිරන ලද ග්ලිරිසීඩියා කොල දැමීම හොඳ වර්ධනයක් සහ වැඩි අස්වැන්නක් සඳහා උපකාරී වේ.
කප්පාදු කිරීම සහ පුහුණු කිරීම

ජීවි ආධාරකයකට හෝ අජීවී ආධාරකයකට වැල් පුහුණු කිරීම සිදු කරයිග  නමුත් බදාම :කොන්ක්රීට්* කණූ හෝ පොල් කෙඳි වලින් සාදන ලද කඹ මේ සඳහා ආදේශක ලස භාවිතා කල හැකියිග 

∗    බුලත් වැලේ උස මීටර් 1 ක් වන විට කප්පාදු කල යුතු අතර එය හරස් අතු සහ අස්වැන්න වැඩි කිරීමට හේතුවේග
∗    බුලත් වැලේ උස මීටර් 1ග2 ක් වන විට පන්දලම සාදනු ලැබේ.

බෝග ආරක්ෂාව
රෝග

බැක්ටිරියා ෙකාල අංගමාරයරැු බැක්ටියා කොල පුල්ලි  රෝගය
Bacterial Leaf Blight
“සැන්තොමොනාස් තැම්පෙස්ට්රිස් බෙට්ලිකෝලා” නම් වු බැක්ටීරියාවක් හේතු කොට සෑදෙන මෙම රෝගය වර්ෂා කාළයේදී වසංගත තත්ත්වයට පත්වේ.  රෝගය වැලඳුන පසු දැකිය හැකි විශේෂිත ලක්ෂණ වන්නේ කොලය යටි පැත්තේ තෙල් සහිත තෙත පැල්ලම් ඇති වීම වන අතර උග්ර වන විට මෙම පැල්ලම් කඳ දක්වා පැතිරෙන අතර, එවිට කොල සහ පුරුක් හැලී යයි.  ෙමහි ප්රතිඵලයක් ලෙස සම්පුර්ණයෙන්ම වැල මැරී යන අතර ආසන්නතම වැල් වලට ද රෝගය සීඝ්රයෙන් පැතිරේ. 

උග්ර ලෙස රෝගයට පාත්ර වු වැල් විනාශ කිරීම හැර රෝගය පාලනය කිරීමේ වෙනත් ක්රම හඳුනාගෙන නැත.  රෝගී වැල් සහ ඒ ආසන්නෙය් ඇති වැල් එම ස්ථානයේදීම පුළුස්සා විනාශ කල යුතුය.  පැතිරීම වැළැක්වීම සඳහා රසායනික ද්රව්ය භාවිතා කළ හැකිවේ.  හොඳින් ඇති වැල්වල මෝරන ලද කොල කඩා ඉවත් කළ පසු රසායනික දියරය (කොපර් අඩංගු දිලීර නාශකයකින් ග්රෑම් 28, මැන්කොසෙබ් ග්රෑම් 28 සහ කැප්ටාන් ග්රෑම් 28 ක් වතුර ගැලුම් තුනක දියකර සාදාගත් මිශ්රණය)  වරක් හෝ දෙවරක් බුලත් වැල් වලට ඉසිය යුතුය.  රසායනික පොහොර යෙදීම අඩු කිරීම සහ ආසාදිත බුලත් වැල් සඳහා ජලය යෙදීම අඩු කිරීම මඟින් රෝගය පැතිරීම පාලනය කල හැකිවේ.  නිරෝගී රෝපන ද්රව්ය භාවිතය, කෘෂි ලිඳක් හෝ හුදකලා ජල ප්රභවයකන් ජල සම්පාදනය සහ දැඩි සනීපාරක්ෂක ක්රම අනුගමනය කිරීම මඟින් රෝග ආසාදනය වළක්වා ගත හැකි වේ.  

සමහර බුලත් වගාවන් වල කලාතුරකින් බුලත් වැල් මැරීමේ තත්ත්වයක් නිරීක්ෂණය කර ඇති අතර, මෙයට ප්රධාන හේතුව වට පණු හානිය වේ.  වටපනුවන් මුල්වට හානි කල පසු දෙවනුව එම ස්ථාන වලට දිලීර වර්ග හා බැක්ටිරියා ආසාදනය වන අතර, මුල් කුණු වීම නිසා මූල පද්ධතිය විනාශ වේ.  එහි ප්රතිඵලයක් ලෙස බුලත් වැල් මැරී යයි.

බුලත්වගාවේ දී පාදස්ථ කුණුවීම සහ කොල වල ඇති වන දිලීර පුල්ලි ඉතා සුළු රෝගයන් වේ. 

පලිබෝධකයින්

ආර්ථිකව වැදගත් වන කෘමි හානියක් වාර්තා වී නැති අතර බුලත් කොල වල යුෂ උරා බොන කෘමීන් සහ රතු මයිටාවන්ගේ හානිය වගාවන් වල නිතර දැකිය හැකිය. 

අස්වනු නෙලීම සහ පසු අස්වනු කාර්යයන්

බුලත් වැලේ දිග මීටර් 1.2 - 1.8 ක් පමණ වූ විට අස්වනු නෙලීම ආරම්භ කරනු ලැබේ.  ආරම්භයේදී තුන් හතර වතාවක් ප්රධාන කඳේ මෝරන ලද කොල (කඳ කොල) කැඩීම සිදු කරයි.  ඉන්පසුව ප්රධාන කඳේ සහ හරස් අතුවල ෙකාල කැඩීම සිදු කරයි.  සති තුනෙන් තුනට අපනයන වෙළඳපල සඳහා කොල කැඩීම සිදු කරනු ලබන අතර දේශීය වෙළෙඳපල සඳහා බුලත් කැඩීම සති 2 ට වරක් සිදු කරයි.  කඩන ලද බුලත් වෙළෙඳපලට යැවීමට පෙර, කොල  40 ක් සිටින සේ මිටි බඳින අතර අපනයනය සඳහා මෙම මිටි විශේෂයෙන් සකසන ලද වේවැල් කුඩා වල අසුරනු ලැබේ.

ඹෟෂධීය සහ රසායනික ගුණාංග

බුලත් වල ඇති ප්රධාන සංයෝගය වන්නේ වාෂ්පශීලි තෙල්ය. ශ්රී ලංකාවේ බුලත් තෙල් වල හඳුනාගත් සංඝටක නම් බීටා පෙලැන්ඩ්රීන් (β phellandrene) ෆෝ - ටර්පිනෝල් (4- terpinol) ඉයුජිනෝල් (evgenol) චවිබිටෝල් ඇසිටේට් (Chavibitoo acetate)" සැපරෝල් (safrole) සහ ඇලීල් පයිරොකැටිකෝල් ඩයි ඇසිටේට් (allylpyrocatechol diacetate) වෙයි.

සම්මත ගුණාත්මක පිරිවිතර

බුලත් සඳහා විශේෂිත තත්ත්ව පරාමිතියන් නැති අතර අපනයනය සඳහා පහත සඳහන් ගුණාංග සලකනු ලැබේ.

ප්රමාණය    -    කොලයේ දිග අවම ලෙස සෙන්ටි මීටර් 20 ක් සහ පළල සෙන්ටි මීටර් 15
ක් විය යුතුය.

වර්ණය     -    හොඳින් මෝරණ ලද තද කොල පැහැති කොල
        -    අධික සැරගතිය
        -    කොලයේ නටුව දිග සෙන්ටි මීටර් 2.5 - 3 විය යුතුයි.                                                                        උපුටා ගැනිම-http://www.exportagridept.gov.lk/web/index.php?option=com_content&view=article&id=126&Itemid=159&lang=si

                බුලත් හා සිංහල සමාජය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
400px‎
හැදින්වීම. සිංහලයාගේ ජන ජීවිතය සමඟ විවිධ උත්සව සම්බන්ධ වේ. එකී සෑම උත්සවයකදීම බුලතට වැදගත් ස්ථානයක් හිමි වේ. මංගල අවමංගල උත්සවවලදී පමනක් නොව වැඩිහිටියත්, ගුරුවරුන්,භික්ෂුන් පිදීමේදී.බුලත් භාවිතා වනු පෙනේ සිංහල සංස්කෘතියෙහි පමණක් නොව ඉන්දියාව,බුරුමය,පිලිපිනය,පකිස්ථානය,බංගලාදේශය යන වෙනත් රටවලද බුලත් කැමට පමනක් නොව වෙනත් විවිධ අවස්ථාවලදි ද එය භාවිත කරයි. මෙහිදි අපගේ අවධානය යොමු වනු ලබන්නේ සිංහල සමාජය හා බුලත් අතර ඇති සම්බන්ධය පිළිබඳ කෙටි විමසුමකි.එම විමසුමේදි සිංහල සමාජය බුලත් යනු විට කැමට ගන්නා කොළ විශේෂයක් පමනක් නොව ඊට වඩා ගැඹුරු අර්ථ ගෙන දෙන දෙයක් බව පෙන්නුම් කෙරේ.

පටුන

බුලතේ උපත

බුලතේ උපත පිළිබදව විමසිමට මේ ලිපිය දිශාගත නොවුන ද ඒ පිළිබදව යම් අදහසක් හෝ දැන සිටිම වැදගත්ය. බුලත් ඉන්දියා සංස්කෘතියෙන් අපට ලැබුනක් සේ සලකති. හින්දු විශ්වාසයට අනුව බුලත් දිව්‍ය ලෝකයෙන් ලැබුනක් වේ. එය මනු ලොවට ගෙන ලද්දේ "අර්ජුන්" නම් දිව්‍ය කුමාරයෙකු විසිනි. නමුත් සිංහලයාගේ විශ්වාසයට අනුව බුලත් නාග ලොවේ සිට ලැබුනකි. එය නාගයන් විසින් මනු ලොවට මුකයෙන් අල්ලා රැගෙනවිත් ඇත. ඒ නිසා බුලත් සැපිමේදි කොළයේ අග්ගිස්ස කඩා දමනු ලබන්නේ නයි විෂ දුරු විම සදහාය. අතිත කැලණි ප්‍රදේශයේ සිංහලයා මෙම ජනප්‍රවාදයට ගරු කරනු බුලත් කොටුවකින් ලබා ගන්නා මුල්ම බුලත් කොළ ටික පුවක් මලක් සමඟ කැලණි වෙහෙරට පුජා කර ඇත. "දළු මුර උපත " නම් ශාන්ති කර්මයේදි ද සිංහල තොවිල් කවි වලින්ද බුලතේ උපත ගැන කියවේ.කෙසේ වෙතත් බුලත් නිවර්තන කලාපීය ශාඛයකි.ලංකාවේ සෑම ප්‍රදේශයකම බුලත් වගා කළ හැකිය.මේ නිසා අතීතයේ සිටම සෑම සිංහල නිවසකම බුලත් වැලක් පුවක් ගස් කිහිපයක් සිටුවා ගැනීම සිදුකෙරේ.ගෙමිදුල මැද සාරවත් බුලත් කොටුවක් තිබීම උතුම් සිංහල කරුණක් ලෙස සලකා ඇත. බුලත් හරුල්ලක් හෙවත් බුලත් අතකට පහත රට ප්‍රදේශවල කොළ 40ක් ගනු ලැබේ.නමුත් උඩරට ප්‍රදේශවලදි ගොන්නක් හෝ මිටියක් වශයෙන් ගෙන බුලත් අත පිළිගැන්වීම සිදුවේ.බුලත් අතට කොළ 40ක් යොදා ගැනීම පිළිබඳව විවිධ මත පවති.චුලෝධර මහෝධර ගැටුම සමථයකට ලත් කිරිමේදි දෙපාර්ශවයම නියෝජනය වන පරිදි බුලත් කොළ 20 බැගින් ගෙන ඇත.එක් පාර්ශවයකින් බුලත් 20ක් ගනු ලැබුවේ අතේ ඇඟිලි 10 , පාදවල ඇඟිලි 10 එකතු වීම පදනම් කරගනිමිනි.ඒ අනුව චුලෝධර මහෝධර යන ප්‍රධානින් දෙදෙනාගේ අත් පාවල ඇඟිලි ගණන බුලත් කොළ 40 මඟින් පෙන්නුම් කරයි.ඒවා එකට තැබීමෙන් සමගිය හා සහජීවනය සංකේතවත් කරයි.

බුලත් වර්ග

සිංහලයා විසින් බුලත් වර්ගීකරණයකට ද ලක් කර තිබේ. ඔවුන් ට අනුව ප්‍රධාන වශයෙන් බුලත් වර්ග 10කි.
  1. නාගවල්ලී
  2. මහ මානේරු ( කහ මානේරු)
  3. රටදළු බුලත් ( රට බුලත්)
  4. ගල්දළු බුලත්
  5. වැල් බුලත්
  6. මැටි පලා බුලත්
  7. කහ කීරිය බුලත්
  8. ගැට කෝටු බුලත්
  9. ගස් බුලත්(ගස් දළු බුලත්)
  10. ගැරඬි මානේරු

සිංහල ආහාර රටාව හා බුලත

මහාවංශයට අනුව සිංහල ආහාර රටාවේ අමතක කල නොහැකි අංශයක් වනුයේ බුලත් කෑමය.පෙර පටන් පැවති චාරිත්‍රයක් වු බුලත් කෑම රජුගේ සිට සාමාන්‍ය වැසියා දක්වාම ප්‍රචලිත වුවකි.වැඩෙහි යෙදෙන අතර මෙන්ම විවේකීව සිටින විටෙක සිංහලයා ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව බුලත් නිරතව ඇත. වැඩිහිටියන්ගේ බුලත් කෑමේ සිරිත එවක පරපුරෙන් පරපුරට මෙරට තුළ පැවති ඇත. ආහාර අනුභවයෙන් පසුව බලත්,පුවක්,හුණු,දුම්කොළ සමඟ කට සුවඳ කරන කුළුබඩු වර්ග ද හැපිමට පුරුදුව වි ඇත. නමුත් මහියංගනය බිම් තැන්න වැනි දුෂ්කර වියළි කළාපීය පදේශවල ජනතාව බුලත් කෑමට අවශ්‍ය දව්‍ය සපයා ගැනීමේ අපහසුතාව නිසා බුලත් කොළ වෙනුවට රට හිගුරු කොළද පුවක් වෙනුවට කහට පොතුද ඊට අමතරව තලා කොළ පන්නන් නැටි ගිනි හැලි දෙමට ගෙඩි යනාදි යත් භාවිතා කර තිබෙ.

බුලත් හා සිරිත් විරිත්

වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම, ගුරු දෙගුරුන්ට ආචාර කිරීම, බුලත්දීම, සමාව ඉල්ලීම, සමාව දීම, බොහෝ චාරිතු වාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගනියි.
සිරිත් විරිත් වලදී බුගත් අත ප්‍රබල තැනක් ගන්නා දෙයකි. දුම්කොළයක් සහිත බුලත් දෙවිස්සක් දී ගුරුන් දෙගුරුන් නැමදීම, සමාව ගැනීම, එදා පටන්ම පැවැතුණු සිරිතකි. පින්කමට භික්ෂූන්වහන්සේට ආරාධනා කිරීමට පෙරටු කොට ගන්නේ බුලත් පසයයි. මඟුල්තුලා වලට, ගෙට ගෙවැදීමට, ආරාධනා කිරීමට උපයෝගී කරගත්තේද බුලත් හෙප්පුවයි.

බුලතට වෙනත් නම්

මල් බුලත්, නාගවල්ලි, ගැටතවාලු, හීන් තවාලු, දලු බුලත්, කොරිකං ආදී නම් වලින් ගැමියෝ බුලත් හඳුන්වති.

බුලත් පිළිගැන්විමේ ක්‍රම

Mainpic.jpg
බුලත් පිළිගැන්විමේ රටාවන් කිහිපයක් දක්නට ලැබේ.
  • බුලත් කොළයේ නැට්ට කොටස පිළිගනු ලබන්නා දෙසට හරවා පිළිගැන්වීම
මෙම ක්‍රමය අනුගමනය කරනු ලබන්නනේ උතුමන්ට වියතුන්ට හා වෙනත් ගෞරවනීය පුද්ගලයන්ට බුලත් පිරිනැමිමේදිය.භික්ෂුවක් , වෙදමහතෙක්, මුලාදෑන්වරයෙක් , ගුරුවරයෙක් , වැඩිහිටි ඥාතියෙක් හෝ වෙනත් ප්‍රභූවරයෙකුට බුලත් දිමෙදි මේ ක්‍රමය අනුගමනය කරයි.
  • බුලත් කොළය හරහට තබා පිළිගැන්වීම
මෙම ක්‍රමයට බුලත් පිළිගන්වනු ලබන්නනේ වයසින් සමකාලීන හෝ වෙනත් කරුණකින් සමාන අය සඳහාය.බුලත් කොළය හරහට තැබිමෙන් සමාන්තර බව කිය වේ.
  • බුලත් කොළයේ වලිගය නැතහොත් සිහින් කොටස පිළිගනු ලබන්නා දෙසට හරවා පිළිගැන්වීම
මෙම ක්‍රමයට බුලත් පිළිගන්වනු ලබන්නනේ තමන්ට වඩා කුලයෙන් අඩු අයටය.

බුලත් පිළිගැන්විමේ මෙම රටාවන් 3 පිළිබඳ පහත ජන කවියෙන්ද ප්‍රකාශ වේ.
බුලත් දීම දෙන් පෙර සිරිත අනුවම මහත්මනට දෙන් නැටි කොණ හරවාම සමත් අයට බුලතේ හරහටම පහත් අයට දෙන් වලිගය හරවාම

මංගල ආරාධනාව හා බුලත්

සිංහලයා තම ඥාති හිත මිත්‍රාදින්ට විවාහ මංගල්‍යයන්ට ආරාධනා කරනු ලැබුවේද "බුලත් දීම" මඟින්ය.

ඇවැස්ස විවාහ හා බුලත්

සිංහල සමාජයෙහි ඥාති ක්‍රමය අනුව මස්සිනා නැනා විවාහය සිදුවෙයි.නැනා අයිති මස්සිනාටය.ඒ නිසා පිටස්තර පුද්ගලයෙක් තම නැනා විවාහ කර ගනීනම් මස්සිනාගෙන් කැමැත්ත ගත යුතු වේ. ඒ සඳහා කඩුලු බුලත් වශයෙන් බුලත් ලබා දීම සිදුවෙයි.
නාග ලොවේ වද බුලත් උපන්නේ
නා රජුහුය ඒ ගෙනවිත් දුන්නේ
ඇවැස්ස මස්සිනා මමයි බොලන්නේ
කඩුලු බුලත් මට දීලයි යන්නේ

බුලත් හා රොබට් නොක්ස්

රොබට් නොක්ස් බුලත් මෙසේ හඳුන්වයි. "අන් සැම දෙයකටම වඩා ඔවුහූ බුලත් හැපීමට ආශා ඇත්තෝය. නින්දට යන විට බුලත් විටකින් කට පුරවාගන්නා ඔවුහූ අවදි වන විටත් එහි හපය සුරැකිව මුව තුළ අඇත්දැයි පරික්ෂාකාරීව බලති. නොකා නොහැඳ සිටියත් බුලත් විටක් නොකා නම් සිටින්නට නොහැකිය යනු ඔවුන්ගේ කතාවකි."

බුලතින් ආ ආම්පන්න

බුලත් කෑමට ලාංකිකයන් ඇබ්බැහිවීම නිසා එදා අමුතු උපකරණ නිපදවිණි. බුලත් හෙප්පුව, හුණු කිල්ලෝටය, ගිරය, පඩික්කම, මේ අතර වේ. නිවසක සාමාන්‍යයෙන් තිබෙන බුලත් හෙප්පුව ලීයෙන් තැනූ පෙට්ටියකි. පිත්තලෙන් තැනූ ඉලත් තට්ටුද දැකිය හැකිය. පඩික්කමක් නිර්මාණය වූයේද මේ බුලත්විට කෑම නිසාය.

බුලත් විට

වර්තමානයේ අංග සම්පූර්ණ බුලත් විටකට බුලත්, පුවක්, හුණු, දුම්කොළ තිබිය යුතුවේ. එහෙත්, පුරාණ සිංහලයෝ දුම්කොළ භාවිතා නොකළහ. ලන්දේසින් මෙරටට දුම්කොළ ගෙන ඒමෙන් පසුව බුලත් විටට දුම්කොළ එකතු විය.
පුවක්, කරදමුංගු, ඉඟුරු පියළි, වැල්මී, හුණු, කස්තුරි යන මේවා එදා ආර්‍ය්‍යයන් බුලත් සැපීමේදී භාවිතා කල බව පෙනේ. බුලත් විටට එනතුවූ තවත් විශේෂාංගයක් නම් කයිප්පුය.
බුලත් විටක් කෑමෙහිදී උදේ වරුවේ වැඩිපුර පුවක් සමගද, මද්දහනේ කයිප්පු වැඩි කොටසක් සමගද, රාත්‍රී කාලයේදී හුණු වැඩිපුර ද සංයෝගය කොට බුලත් සැපිය යුතු බවට භාව ප්‍රකාශනයේ සඳහන්ව තිබේ.
යෝග රත්නකාරයේ සඳහන් වන පරිදි බුලතට එක්වූ පස් පලවන මෙසේය. සාදික්කා, තකුල්, හීන් එනසාල්, අරළු, සහ පුවක්ය. තකුල් යනු කපුකිනිස්සය.
කයිප්පු සාදන්නේ රත්කීරිය අරටු කකාරා ගත් ජලය උණු කිරීමෙන්ය. පසුව ඒවා හිඳවනු ලැබේ.
උපුටා ගැනිම-http://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A_%E0%B7%84%E0%B7%8F_%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD_%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA
තවත් දැන ගන්න මෙතැනට යන්න-http://www.agridept.gov.lk/index.php/si/farm-       broadcasting/127                            මැතකදි බුලත් විටට සෑදුනු ගියක්-http://www.youtube.com/watch?v=aXC56lpfYvg                                                                                                                                   
මුඛ පිළිකාවට බුලත් විට හේතුවක් නොවේ නාග ලෝකයෙන් ලබා ගත් බුලත් කොළයේ නාරටියේ විෂ ඇති හෙයින් නාරටියේ දෙකොණ ඉවත් කොට සැපීමට ගැනීම ගැමියන් ගේ සිරිතයි. බුලත් අත මෙන්ම හෙප්පුව ද සිංහල ගෙදරක සංස්කෘතික ලක්ෂණයෙකි. මගුල් පෝරුවට වැඩිහිටියන් ගුරු දෙගුරුන් නැමදීමට බුලත් අත යොදා ගන්නේ මහත් ගෞරව බුහුමානයෙනි. බුලත මංගල සංකේතයෙකි. මළ ගෙදරක දී බුලත් වට්ට්යේ බුලත් කොළ ආ පිට හරවන්නේ ශෝකය පළ කිරීමට සහ අනිත්‍ය මෙනෙහි කිරීමටයි.
බුලත් විට සැපීමෙන් මුඛ පිළිකා ඇති වන බවට නූතනයින් අතර පැතිර පවතින මතයනට හේතු වී ඇත්තේ බුලත් වලට ගැනෙන නොයෙකුත් අඩු වැඩිය පිළිබඳව වරින් වර කරන ලද විශ්ලේෂණයන් නිසා විය හැකිය. දුම්කළ භාවිතය බුලත් අතට එක් වූයේ යුරෝපීය යටත් විජිත සමයෙන් පසුව වන අතර දුම්කොළය සැපීම ද දුම්කොළ වගාව ද මනුෂ්‍යාට හා පරිසරයට හිතකර නොවන බව තේරුමි ගෙන ඇත. එහෙත් පුවක් භාවිතය මගින් මුඛ සෞඛ්‍ය පිරිහෙන බවට දක්වා ඇති නූතන ප‍්‍රකාශ වල සත්‍යතාවයක් නොමැති බව සඳහන් කළ යුතුය.
මනුෂ්‍යාගේ ආහාර ජීර්ණ පද්ධතියේ ක‍්‍රියා වලිය සාර්ථකව සිදු වීමට නම් ආහාරය මුඛයේ පටන්ම ක‍්‍ර‍්‍රමානුකූලව කොටස් වලට කැඩී පැසවීම ආරම්භ කළ යුතුය. මුඛයේ තිබෙන ටයලීන් නම් එන්සයිමය මේ ක‍්‍රියාවලිය ආරම්භ කරන අතර එසේ වීමට භාෂ්මික මාධ්‍යයක් අවශ්‍ය වේ. ආමාශයටමේ ආහාර කොටස් යන තුරුම මේ මාධ්‍යය උදා නොවුනහොත් ජීර්ණ ක්‍රියා දාමය නිසියාකාරව සිදු නොවේ. සිංහල වෙදකමේ පහදා දෙන පිළිවෙලට මුඛයේ දී ආහාර කැඩී වෙන්වී මධුර විපාකයට පත් විය යුතුය. එය සරල සීනි බවට පත් වීමේ ක‍්‍රියාවලිය ලෙසට හඳුනා ගත හැකිය. ආමාශයේ සිදු විය යුත්තේ ආම්ලික ක‍්‍රියාවලියකි. එහි පවතින රසායන ද්‍රව්‍ය ක‍්‍රියා කරන්නේ ආම්ලික මාධ්‍යයක් තුල පමණි.
සැබවින්ම බුලත් විට සැපිය යුත්තේ අලුයම සහ ආහාර අනුභවයෙන් පසුවය.. බුලත් විටට ගැනෙන ප‍්‍රධාන ද්‍රව්‍යයන් වන පුවක් සහ හුණු මගින් මුඛයේ භාෂ්මික මාධයයන් ඇති කිරීමට සහාය ලබා දේ. මූකල පුවක් නැතහොත් රබ්බඩ පුවක් මගින් මුඛයේ පණු දොස් නසන අතර සෙම හා වාතය කිපී ඇත්නම් සමනය කරයි. මුඛයේ විරස ගතිය නැති කරලීමට ද එය උපකාරී වේ. දන්තාබාධයන් නැසීමට ද පුවක් වල කසට ගතිය උපකාරී වේ. ඇතැමුන් ගේ පරිභෝජනයට ගැනෙන ගොලෑ පුවක් වෙසෙසින්ම  උණ හා පිපාසාව සංසිඳවන
ඖෂධයකි. පුවක් භාවිතයේ දී පැරණි ගැමියන් පුවක් මදය පිහියෙන් සූරා ඉවත් කලේ එහි මත් ගතිය ඇති කරන විසක් ඇති හෙයිනි. එසේම කුරුට්ට ද ඉවත් කිරීමට යෙදුනි. ඇතැම් පළාත් වල දී  පුවක් ගෙඩිය පළා සුද්ද කර තැබීම නොකරති.එසේ කරන්නේ දැහැත් වට්ට්ය සකස් කිරීමේ දී පමණි. බුලත් හෙප්පුවේ ගිරය ඇති හෙයින් අවශ්‍ය කෙනෙකුට පුවක් ගෙඩිය පළා සුද්ද කොට විටට ගතහැකි වන ලෙසට එය තබා තිබුණි. මෙයට හේතුව කුඩා දරුවන් රෝගීන් ආදී බුලත් විට නොසැපිය යුතු යයි දක්වා ඇති පිරිස ගෙන් බුලත් පරිභෝජනය වළක්වාලනු පිණිසය. සිංහල පුවක් හම්බන් පුවක් රට පුවක් යයි භාවිතයේ තිබෙන වර්ග අතරින් සිංහල පුවක් විශේෂ වඩාත් සුදුසු අතර කරුංකා සහ මඩ පුවක් සෑදීමට ද ඒවා යෝග්‍ය වේ.
හුණු  භාවිතය ද නවීනයන් ප‍්‍රතික්ෂේප කරන නමුත් අපේ ගැමියන් හුණු භාවිතා කරන්නේ කහ දමා විෂ මරා ගැනීමෙන් බව මතක් කළ යුතුය. හුණු සඳහා වර්තමානයේදී බෙලි කටු හුණු බහුලව භාවිතා කළ ද හුණු ගල් විශේෂ වලින් තනා ගන්නා හුණූ ද ශාක කඳන් දවා ගෙන සාදා ගන්නා හුණු ද බුලත් විටට වඩාත් යෝග්‍ය බව පුරාණයන් දැන සිටියහ. හුණු භාවිතයෙන් ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය වන අතර මුඛයේ භාෂ්මික තාවය ද වර්ධනය කරයි. එසේම පණු රෝග නැසීමේ හැකියාවක් ද ඊට ඇත. එය මගින් වාතය නසන අතර රුජා ග්‍රහණි ආදී රෝගයන් ශමනයට ද උපකාරී වේ.
බුලත් පුවක් සහ හුණු සංයෝග වූ විට තුන්දොස් නසන බවද කියා තිබේ. උයද වරුවේ පුවක් වැඩියෙන් ද දහවල් තුන් වගය සමව ද පස්වරු කළ බුලත් වැඩියෙන් ද රාත‍්‍රියේ දී හුණු වැඩියෙන් ද ගෙන බුලත් සැපිය යුතු යයි ඉසි භාෂිතයේ දක්වා තිබෙන්නේ පෙර කී ආහාර ජීරණ ක‍්‍රියා වලියට  විට සැපීමෙන් ඉටු වන මහඟු සහාය නිසාවෙනි.
පුරාණ ගැමියන් බුලත් වර්ග රාශියක් භාවිත කළහ. ඒ අතර මුලින්ම එන නාග වල්ලිය බුලත මත් ගතිය ඇති කරන හෙයින් පරිභෝජනය නොකරති. රටකොළ ගස් බුලත් රට දළු ගැරඬි මානෙරු කහ මානෙරු ගල් දළු දිය බුලත් ගැට තෝඩු මහාමෙරු වැම්මල් බුලත් අනෙක් වර්ග අතර වෙති. මේවායේ සමහර වර්ග වලට විදේශ වලදී උසස් මිළක් ද ලැබෙන බව කිව යුතුය. ඒවා අපගේ විදේශ විනිමය උපයන දේශීය ද්‍රව්‍ය අතර අතීතයේ පටන්ම ප‍්‍රමුඛාතාවෙහි ලා සැලකේ.  ගම් බුලත් හැරුණු කොට වන්නියේ බුලත් යයි සැලකෙන වනශාක විශේෂ ද දැකිය හැකි ය. දඩයමි කරුවන් වැද්දන් වන්නි වරුන් ආදීන් මේ වර්ග බුලත් වෙනුවට භාවිතා කළහ. තලා කොළ පන්ගන් නැටි ගිනිහැලි දෙමට පොතු මේ වන්නි බුලත් විටට ප‍්‍රධාන වෙයි.
බුලත් විට  ගැමි ගෙදර පටන් රජ මැදුර දක්වාම ඉහළින්ම සැලකූ ආගන්තුක සත්කාරය විෂයෙහි ප‍්‍රධානව තිබුණි. ලජ්ජා නැතිව ඉල්ලා ගත හැකි ද්‍රව්‍ය අතර ප‍්‍රධාන වන්නේ පැන් සහ බුලත් විටයි. ගැමි ගෙදරක බුලත් විටට වඩා රජ මැදුරේ බුලත් වඩිය විවිධත්වයෙන් යුක්තය. එයට පස් පලවතක් අඩංගු වේ යයි සැලකේ. බුලත් පුවක් කපුරු කස්තුරි ළමග තකුල් වසාවාසි  ආදිය ද එනසාල් ද භාවිතයේ යෙදෙන බව දක්වා ඇත. එයට අමතරව සාදික්කා කපුකිණිස්ස ඇට එනසාල් අරළු සහ පුවක් ඇතුලත් සංයොගයක් ද කරාබු නැටි වසා වාසි කයිප්පු කපුරු කස්තුරි හා මුතුඅළු ඇතුලත් බුලත් විට ද භාවිතා කර ඇත. යෝග රත්නාකර වෙද කවි පොතේ පස්පලවත ගැන සඳහන් වන්නේ මේ ආකාරයටයි.
සාදික්කා තකුල්ද මේ – සිහිනෙනසල් අරළු ද මේ
පූග පලද පස් වග මේ- පස් පළ වත වේ නිය   මේ
හුණු පුවක් සමග බුලත් සංයෝගයට තවත් ඖෂධීය කුළු රසය ද එකතු වන කල්හි බුලත් විට කෙතරම් බලගතු ඖෂධයක් බවට පත් වන්නේ දැයි පැරණියන් දැන සිටියේ වෛද්‍ය මූල ධර්මයන්ට එකඟවය.
පණුවන් නසන කට සුවඳවත් කරන උත්තේජනය ඇති කරන මේ ඖෂධ සමග බුලත් විට ගත් රාජ සභාවල පණ්ඩිතයින් බුලතේ ගුණ වර්ණනා කලේ බුලත පණ්ඩිත සභාවට මෙන්ම යුවති සමාගම යේ ද කළ යුතු යයි නියම කර ඇති බැවිනි.
සුදසු වේලාවට බුලත් විටක් සැපීමෙන් ඇතිවන මුඛ සෞඛ්‍ය මෙන්ම දේහ ශක්තිය පිළිබඳවද ඉසි භාෂිතයේ පැවති ව්‍යවහාරයන් අපට කිසිසේතම අමතක කළ නොහැකිය. රාජ නිඝණ්ඩුවේ එය සඳහන් කර ඇත්තේ මෙසේය.
බුලත් නොකෑමෙන්  – සෙමි පිත් වා වැඩෙයි
දත් දුබල වෙයි       – හිස කෙස් වැටීමෙන්
ගිනි මද වීමෙන්     – සිරුර බල හානි වෙයි
පැරණි ගැමියන් සිය බුලත් මඩිස්සලය හැඩ වැඩ දමා සකස් කර ගත්තේ ද බුලත් කොටන පිත්තල වං ගෙඩි නිර්මාණය කර ගත්තේ ද පුවක් ලියන කටු පාරමිපරිකව තබා ගත්තේ ද බුලත නැතිවම බැරි හෙයිනි.
පැපිලියාන සන්නස ට අනුව පැපිලියානේ සුනේත‍්‍රා දේවී පිරිවෙණට බුලත් පුවක් සැපයීම පිණිස කුඩලිගම නම් ග‍්‍රාමයක්ද වෙන් කර තිබුණී. අවසාන සිංහල රජ කාලයේ දී උඩරට පෙදෙස සිංහලේ වූවා සේම බුලත්  නිසාවෙන් බුලත් සිංහලේ යයි නම් ලැබූ ග‍්‍රාමයන් ද රටේ පිහිටා තිබුණි.
වර්තමානය වන විට තරුණ පිරිස අතර බුලත් විට පරිභෝජනය අඩු වී ඇත. බාබුල් වැනි මත් කාරක අඩංගු  බුලත් විදේශ වලින් ගෙන්වීමට නිදහසේ ඉඩ ලැබීම නිසා තරුණ කොටස් අනාරක්ෂිත තත්වයට පත් වී ඇත. බුලත් විට කෑමෙන් පිළිකා ඇති කරන්නේ යයි ප‍්‍රකාශ කරන සෞඛ්‍ය අංශ ශරීරයට අහිතකර කෘතිම රස කාරක වලින් වන විනාශය පිළිබඳව සොයා බලන්නේ නැත. කේටරින් සේවා බහුල වීම නිසා විශාල රස කාරක ප‍්‍රමාණයක් ශරීරයට එකතු වන අතර ආහාර විෂවීම් අම්ල පිත්තය බඩ වැල්වල තුවාල පවා ඇති වී බඩේ උෂ්ණත්වය මගින් රෝගියා අසාධ්‍ය තතවයකට පමුණුවන බව පෙනී ගොස් ඇත. මුඛ පිළිකා වලට ප‍්‍රමුඛ හේතුවක් වී ඇත්තේ මෙයයි. බොක්කේ උෂ්ණය නිසා අම්ල ගතිය ඉහළට ගසා දත් දිරාපත් කරන අතර කටේ නිරන්තර තුවාල ගෙඩි වලට ද එය හේතුවක් බවට පත් වී ඇත. නමුත් බුලත් විට සමග ඇති වන සෞඛ්‍ය ආරක්ෂාව දෙස ගර්හාවෙන් බලා දේශීය ජනතාව අතරින් බුලත ඉවත් කිරීමේ ව්‍යපාරයක් මේ ප‍්‍ර‍්‍රචාර සමග තිබෙන බව අප තේරුමි ගත යුතුය.
බුලත් හා පුවක් අපට විදේශ විනිමය සපයන පාරම්පරික අපනයන ද්‍රව්‍යයකි. බුලත් පර්යේෂණායතනයක් පවා පිහිටුවා ඇත්තේ එ බැවිනි. බුලත්වලින් ඖෂධ ඇතුලු අතුරු නිෂ්පාදන කරලීමට මාර්ගය විවර නොකර
බුලත් විට ප‍්‍රතික්ෂේප කරන සමාජයක් නිර්මාණය කිරීමත් දේශීය ආර්ථිකයට පහර ගැසීමත් මේ ව්‍යාපාර වල අරමුණු විය හැකිය. එම නිසා සිංහල සංස්කෘතියේ සංකේතය වන බුලත් හෙප්පුව ආශීර්වාදයක් ලෙසට වැළඳ ගැනීමේ ක‍්‍රියා වලිය වත්මන් ජාතික ව්‍යාපාරයේ යුතුකමක් ලෙට ද සලකමි.
- මතුගම සෙනෙවිරුවන්
උපුටා ගැනිම-http://www.lankacnews.com/sinhala/miraculous/33142/

No comments:

Post a Comment