Wednesday, May 30, 2012

නමටත් බය පිලිකා

ඔබ මෙතනට පැමිනියාට ස්තුතියි.

[මෙය බලලාම කියවන්න පටන් ගන්න.]         

       





සිගරට් බොනවානම් මේක බලලා බොන්න..

මේ රෝගි‍යාට මේ ඉරණම උදාවුණේ දුම්බීමෙන් ඇතිවන PVD රෝග තත්ත්ව‍ය නිස‍යි.
මේක අපි හැමෝම දැනුවත් වි‍ය‍යුතුදෙ‍යක් හින්දා තම‍යි ඡා‍යාරූප සෑහෙන්න "චාටර්" වුණත් පළකරන්න සිදුවූ බව සලකන්න..     

                    

           

                         

                            

                            

                  

                 
උපුටා ගත්තේ-http://yapawijeratne.blogspot.com/2012/05/blog-post.html                                               මේක අපි හැමෝම දැනුවත් වි‍ය‍යුතුදෙ‍යක් . මේවා ඇත්තම ඒවා.
ඉතින් මේ දේ ඔබට හෝ අඳුනන කාටහරි වෙන්න ඕනේ නම් දුම්බොන්න.
පිලිකා                  

           

             වරෙක එය බටහිරට පමණක් සීමාවු රෝගයක් විය. නමුත් අද එය ලෝකය පුරාම ව්‍යාප්ත වු රෝගයකි. ඉතා දීර්ඝ ඉතිහාසයක් පවතින මෙය පැරණිම අතිත ශිෂ්ඨාචාරය වු ඊජිප්තුවෙ මමිහි අස්ථිවල හා සමේ පිළිකා ඇති ව් තිබු බවට සාක්‍ෂි පවති. නමුත් මෙම මමී දහස් ගණනක් පරීක්ෂා කළද මෙම රෝගය සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත්තේ කීපයක් පමණි. ඉන් මෙම රෝගය පැරණි මුතුන් මිත්තන් ට බහුලව නොවැළදුණු බව පැහැදිලිය. නමුත් අද දවසේ මෙම රෝගය ව්‍යාප්තව පවතින රටක් රාඡ්‍යයක් නොමැති තරම්ය. මෙම රෝගය ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන වර්ගයකට ඕනෑම වයස් කාණ්ඩයක මීනිසුන්ට වැළදෙනවා වගේම ගෘහාශ්‍රිත කොටි, වලස්,‍ ගෝන,මුව ආදී සතුන් අතරත් සමහර ගහ කොළවලද මෙම ලක්ෂණ දක්නට ලැබේ. ලෝකය පුරාම ඉතාමත් ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වෙමින් පවතින පිළිකා රෝගය දැනටමත් බොහෝ දෙනෙකුට මරණයේ දොරටු විවර කර හමාරය. වාර්ෂිකව මිලියන 10ක් පමණ අළුතින් රෝගීන් බවට පත්වන නිසාත් ඉන් මිලියන 06කට වැඩි ප්‍රමාණයක් මිය යන නිසාත් පිළිකා කළින් හදුනා ගැනීම වැදගත්ය. සිරුරේ ඇතිවන සෑම ගෙඩියක්ම පිළිකාවක් නොවේ. නමුත් ඒ පිළිබඳව වෛද්‍ය පරීක්‍ෂණ මගින් තීරණය කරගැනීම වැදගත්ය. දේශිය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා රෝගය හදුන්වන්නේ,ගඩු, බන්ධන, ඇට පලා ගෙඩි, සුව කළ නොහැකි වණ ලෙසය. පිළිකා සෛල හටගන්නේ අපේ ශරීරයේ ඇති සාමාන්‍ය සෛල වලින්මය.අපේ ශෛල න්‍යෂ්ටියේ වර්ණදේහ නම් වු ජාන කොටස් විශේෂයක් ඇත. ඒය සඇත්තේ ඩී.එන්.ඒ. වලිනි. ඩී.එන්.ඒ මගින් සෛල බෙදෙන විට ඩී.එන්.ඒ දෙගුණ වී දෙකට බෙදේ. පිළිකාව හට ගැනීමට හේතුවන කරුණු නිසා සාමාන්‍ය ජාන සෑදී ඇති ඩී.එන්.ඒ විකෘති වී එම ජානය පිළිකා ජානයක් බවට පත්වේ. සෛල බෙදීම අනවශ්‍ය ලෙස සිදුවීම පිළිකාවට හේතුවය. මෙම රෝගය ඇතිවීම සදහා පුද්ගල චර්යාවද යම් ආකාරයකට බලපෑම් කරනු ලබයි.


මේ සදහා බලපෑම් ලබන හේතුන්:-

අධික දුම්කොළ භාවිතය
අධික මත්ද්‍රවය භාවිතය
රැකියා ආශ්‍රිත හේතුන් (ආකර/ලී කුඩු/ඇස්බැස්ටස්/ඩයි)
පරිසර දූෂණය ආශ්‍රිත හේතුන් (වායු/ජලය/පස)
ආහාර රටාවේ වෙනස්කම් (ක්‍ෂණික හා කෘත්‍රිම ආහාර)
ඖෂධවල බලපෑම
විකිරණ වල බලපෑම
දීර්ග කාලීන ආසාදන
ප්‍රතිශක්ති ඌණතා
ප්‍රවේණිගත තත්වයන්


විශේෂයෙන්ම මෙම රෝගය බටහිර රටවලට ව්‍යාප්ත වීම වැඩි වශයෙන් දක්නට ලැබේ. වර්තමානයෙහි මෙම රෝගයෙහි සීඝ්‍ර වර්ධනයට ප්‍රධාන හේතුවක් ලෙස කිසිදු පාලනයකින් තොරව කෘතිම රසායනික පොහොර යොදා සකස් කළ ආහාර භාවිතය, අධික මේදය සහිත ආහාර (විශේෂයෙන්ම සත්ත්ව මේදය),වඩා පවිත්‍ර හා පිරිසැකසුම් කළ ආහාර (නිවුඩ්ඩ ඉවත් කළ සහල්,රළු කොටස් ඉවත් කළ සිනි) කල් තබා ගැනීමේ අරමුණින් විවිධ ලුණු වර්ග, එක් කල ආහාර එනම් නයිට්‍රයිට හා නයිට්‍රේට, විවිධ කෘතිම වර්ණක, රසකාරක හා උත්තේජක යෙදු ආහාර,ආහාර කර්මාන්තයේ භාවිත කරන වෙනත් කෘතිම රසායනික ද්‍රව්‍ය යෙදු ආහාර, දිලිර හා වෙනත් ක්‍ෂුද්‍ර ජීවින් අඩංගු ආහාර, කෘමිනාශක හා වෙනත් විවිධ කෘෂි රසායනික ඇති ආහාර භාවිතය මේ සදහා හේතුවී ඇති බව දැන් සොයා ගෙන ඇත. පිළිකාව අද අසන්නට ලැබෙන රෝග අතුරින් ප්‍රධාන වුවකි. පිළිකා යන වචනය පවා ඇසීමට බෝහෝ දෙනෙකු බිය වෙති. මිනිසුන් එය දකින්නේ රෝගය වැලඳිමෙන් මරණය නියත බව හා වේදනාකාරී අංගවිකල වෙන විකෘති රෝගගයක් ලෙසයි.නමුත් ඇත්තටම බොහෝ දෙනෙක් මෙම රෝගයට ගොදුරු වන්නේ නොසැලකිලිමත් බව සහ නොදැනුවත් නම නිසාය.මේ සදහා නියමිත කාලයේදී ප්‍රතිකාර කරන්නේ නම් සාර්ථන ප්‍රතිඵල ලබා ගත හැන.බොහෝමයක් පිළිකා සහමුලින්ම සුව කළ හැක. නමුත් මේ පිලිබඳ මිනිසුන්ට ඇති දැනුම අවම වීම නිසා රෝගයෙන් මිය යන පුමාණය වැඩිී ඇත. මෙනිසා මෙය කල් තඉා හදුනා ගැනීම වැදගත්ය. ඇතැම් පිළිකා වර්ග බොහෝ කාලයක් ශරීරය තුළ තිඩී හදිසියේම ශිඝ්‍රයෙන් ව්‍යාප්තව රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි. අතට අසුවන තරමේ සෙ.මී.01 ක පමණවු ඉතා කුඩා පියයුරු පිළිකාවක් පව් මිලියන 500ක පමණ පිළිකා සෛල ඇති බව සො‍ො ගෙන ඇත. එම සෛල මගින් ආසන්න පටක වගේම දුරස්ථ ස්ථානවල පටක පවා නතු කරගෙන පිළිකාවේ ද්විතික අවස්ථාන් ඇති කරයි. ඒ නිසා ප්‍රතිකාර හැකි තරම් ඉක්මන් කිරීම වැදගත්ය. ප්‍රතිකාර කර කළ හැකි පිළිකාවක් වුණත් කල් ගත වුණොත් අසාධ්‍ය තත්වයට පත් විය හැක

කල් අල්ලා පවතින කැස්සක් හෝ කට හඬ වෙනස් වීමක
සුව නොවන තුවාලයක්
ගැටයක ලපයක හෝ ඉන්නෙකුගේ හදිසි වෙනස් වීමක් හෝ සීඝ්‍ර වර්ධනයක්
පියයුරුවල හෝ අන් තැනක ගැටයක් හෝ ඝන වීමක්
යෝනි මාර්ගයේ අකුමවත් ලේ වහනයක් හෝ ස්‍රාව වහනයක්
මළ හෝ මුත්‍රා පහ කිරීමේ පුරුදු වල වෙනසක් හෝ මළ සමග ලේ පහවීමක්
කල් අල්ලා පවතින අජීරණ තත්වයක් හෝ ගිලීමේ අපහසුවක්

වැනි කරුනක් ඇති වුවෙහාත් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්ය.

එක් එක් පුද්ගලයාට අනුව පිළිකාවක් විවිධාකාර වේ.පිළිකා සදහා ප්‍රතිකාර කිරීමේදී එහි අවස්ථා හදුනා ගැනීම ඉතාමත් වැදගත්.පිළිකාවේ සියුම් කොටස් කපා පරික්‍ෂා කිරීමෙන් හ පිළිකා සෛල පැතීරීයන පටක(ඇටමිදුඵ)පරික්‍ෂා කිරීමෙන් හෝ පිළිකා ග්‍රන්ථි කපා පරික්‍ෂා කිරීමෙන් ප්‍රතිකාර සදහා පදනම සකසා ගත හැක.

පිළිකාවක් කලින් හදුනා ගැනීම සදහා
කිරණ ජායා රූප ක්‍රම (x-Ray/Barium Enema/Mammography)
ස්කෑන් ක්‍රම(MRI/ CT/ US Scanning)
ශරීරෙයේ අභ්‍යන්තර අවයවයන්හි කුඩා කොටස් පිටතට ගෙන පරීක්‍ෂා කිරීම(endoscopy/ Colonoscopy)
ද්‍රව තරල පිටතට ගෙන පරීක්‍ෂා කිරීම(Bone Marrow Biopsy FNAC) වැනි පරීක්‍ෂණ මගින් පිළිකා කල් තබා හදුනා ගත හැක.

මීට අමතරව,

දුම්කොළ,දුම්වැටි හා අධික මත් පැන් භාවිතය අවම කිරීම
පළිබෝධනාශක,රසකාරක,වර්ණකාරක හා කෘතිම දෑ රහිත ස්වාභාවික එළවළු සහ පළතුරු
ආහාරයට එක්කර ගැනීම
ප්‍රමාණවත් ව්‍යායාම සහ ක්‍රියාශීලි ජීවන රටාවක් අනුගමනය කිරීම
සැහැල්ලු මනසකකින් දිවි ගෙවීම
නිවැරදි ලිංගික චර්යා අනුගමනය
අවුරුදු 35 ඉක්මවු කාන්තාවන් පැප් පරීක්‍ෂණය සදහා යොමු විම
ස්යං මුඛ සහ පියයුරු පරීක්ෂා කර ගැනීම

පිළිකා අනතුරු සංඟ පිළිබද නිතර අවධානයෙන් සිටීම සහ ඒවැනි විටක වෛද්‍ය උපෙෙදස් ගැනිම වැනි පුරුදු මගින් පිළිකා රෝගය පමණක් නොව මරු වන හෘද රෝග,දියවැඩියාව වැනි රෝග ද වලක්වාගත හැක.

පිළිකාවක් යනු සිරුරෙහි ඇති සෛල කාණ්ඩයක ඇතිවන රෝගී තත්ත්වයකි. මෙහිදි එම අදාල සෛල කාණ්ඩය එහි සාමාන්‍ය විභේදන සීමාවෙන් ඔබ්බට පාලනයකින් තොරව වර්ධනයක් පෙන්නුම් කරන අතර එම සෛල අවට ඇති පටක වෙතට ආක්‍රමණශීලි ලෙස ව්‍යාප්ත වීමෙන් ඒවා විනාශ කරන අතරම සිරුරෙහි වෙනත් ස්ථාන වෙත වස‍ා පද්ධතිය හෝ රුධිරය මගින් පිළිකා සෛල ව්‍යාප්ත කෙරේ. ඉහත කී ලක්ෂණ තුන මගින් පිළිකාවක් පිළිකාවක් නොවන වර්ධනයකින් වෙන්කර ගත හැකිය. පිළිකාවක් නොවන වර්ධනයක් එයට සීමා වන අතර අවට ඇති පටක වෙත ආක්‍රමණශීලි නොවන අතර සිරුරේ වෙනත් ස්ථාන වෙත එම සෛල ගමන් කිරීමක් සිදු නොවේ. බොහෝ පිළිකා‍ අවස්ථා වලදී ගෙඩියක් වැනි වර්ධනයක් පෙන්නුම් කරන අතර ලියුකේමියාව වැනි පිළිකාවන්හිදී එසේ වීමක් සිදු නොවේ.

පිළිකාවන් සියළුම වයස් කාණ්ඩ වලට ඇති විය හැකිය. නූපන් කළලයකට පවා‍ පිළිකාවක් ඇති විය හැකි නමුත් වයස් ගත වීමත් සමගම පිළිකා ඇති වීමේ අවධානම හා බහුලතාවය ඉහළ යයි. පිළිකාවන් මගින් සියලුම මරණ වලින් සියයට 13 කට වග කියනු ලැබේ. ඇමරිකානු පිළික‍ා සංගමය මගින් කළ අධ්‍යයනයකට අනුව වසර 2007 දී ‍ෙලාව පුරා පිළිකා නිසා සිදු වු මරණ සංඛ්‍යාව මිලියන 7.6 කි. මිනිසුන්ට හැරුණු කළ සතුන්ට හා ශාක වලටද විවිධ වර්ගයේ පිළිකාවන් ඇතිවිය හැකිය.

ආසන්න වශයෙන් සියළුම පිළිකාවන් ඇති වනුයේ වෙනස් වු ‍සෛල වල න්‍යෂ්ටික ද්‍රව්‍යයන් හි ඇති වන අසාමානතාවයන් නිසාය. මෙම අසාමාන්‍යතා ඇති වීමට හේතු වනුයේ සිගරට් දුම, විකිරණ, රසායනික ද්‍රව්‍ය හෝ රෝග කාරක වැනි පිළිකා‍ කාරකයන්ය. වෙනත් පිළික‍ා ඇති කිරීම වේගවත් කරන ජාන වල අසා‍මාන්‍යතා ඩී.එන්.ඒ වල බෙදීමේදී අහඹු ලෙස උරුම වන අතර ඒවා උපතේදී සියලුම සෛල තුළ දක්නට ලැබේ. පිලිකා කාරක සහ ජානමය ද්‍රව්‍ය අතර ඇති වන සංකිර්ණ අන්තර් ප්‍රතික්‍රියා මගින් ඇතැම් පුද්ගලයින් පමණක් එම පිළිකා‍ කාරක වල‍ට නිරාවරණය වීමෙන් අහිතකර බලපෑම් වලට ලක්වන්නේ කුමන හේතුවක් නිසාද යන වග විස්තර කරයි. ඩී.එන්.ඒ. මෙතිල්කරණය සහ ක්ෂුද්‍ර ආර්.එන්.ඒ. යන පිළිකා ඇති කිරීමට තුඩු දෙන ජාන විද්‍යාවේ නවතම සොයාගැනීම් වැදගත් සංකල්පයක් ලෙස ඉහළ වටිනාකමක් ගනී.

පිළිකාවල දක්නට ලැබෙන ජාන විකෘතිතා ප්‍රධාන ජාන වර්ග දෙකකට අයත්වේ. පිළිකා‍ ඇති කිරීමට උපකාරීවන පිළිකා ජාන (Oncogenes) පිළිකා සෛල තුළ බොහෝ විට ක්‍රියාකාරීව පවතී. මෙමගින් එම අදාල සෛල වෙත වේගවත් වර්ධනය සහ විභේදනය ඇති කිරීම, ස්වාභාවිකව සිදුවන සෛල මරණයට එරෙහි ආරක්ෂාවක් ලබාදීම, සාමාන්‍ය පටක සීමාවන් වෙත රැදිසිටීමේ හැකියාව අවම කිරීම සහ විවිධ සෛල වටපිටාවන් කරෙහි ප්‍රශස්ථ ලෙස ස්ථාපිත වීමට හැකියාව ලබාදීම යන නව ගුණාංගයන් ලබාදී ඇත. අනෙක් ජාන වර්ගය වන පිළිකා මර්ධන ජානය මෙකී සෛල තුළ අක්‍රීයව පවතී. එමගින් එම සෛල වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අහිමි වේ. උදා- නිවැරදි ඩී.එන්.ඒ. විභේදනය, සෛල චක්‍රයෙහි පාලනය, අනෙක් සෛල හා පටක කෙරෙහි එම සෛල වල සකස් වීම සහ ප්‍රතිශක්ති කරණ පද්ධතියේ ආරක්ෂිත සෛල සමග ඇති වන ප්‍රතික්‍රියා.

පිළිකාවක් සාමාන්‍යයෙන් වර්ගීකරණය කරනු ලබන්නේ එම පිළිකා සෛල හටගත් පටකයට අදාලවය. එසේත් නැත්නම් එය වඩාත්ම සමීප සම්බන්ධතාවයක් දක්වන සාමාන්‍ය සෛල වල නමිනි. එනම් පිලිවෙලින් සෛල පහිටා ඇති ස්ථානය සහ පටක විද්‍යාවට අනුකූලවය. පිළිකාවක් ඇති බවට මුලිකම ඉගිය අදාල රෝග ලක්ෂණ හෝ විකිරණ වේදී ප්‍රතිරූපණ ක්‍රමයක අසාමාන්‍යතාවයක් වුවද ඒ සදහා නිශ්චිත රෝග නිර්ණයක් සදහා ව්‍යාධිවේදියෙකු විසින් ලබාගන්නා පටක කොටසක් පටක විද්‍යානුකූල පරීක්ෂණයකට භාජනය කිරීම අත්‍යවශ්‍යවේ. බොහෝ පිළිකා සදහා ප්‍රතිකාර කළ හැකි අතර එක් එක් පිළිකාවේ වර්ගය , පිහිටා ඇති ස්ථානය සහ පිළිකායව් වර්ගීකරණය අනුව ඇතැම් ඒවා සදහා පුර්ණ සුවය ලබාදිය හැකිය. වරක් රෝග නිර්ණය කළ පසුව පිළිකාවක් සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ සැත්කම්, රසායනික චිකිත්සාව සහ විකිරණ චිකිත්සාව යන අංගයන් හි සංකලනයක් ලෙසය. පිළිකාවන් සම්බන්ධ සමීක්ෂණ වැඩි දියුණු වීමත් සමගම විවිධ වර්ගයේ පිළිකාවන් සදහා ලබාදෙන ප්‍රතිකාර වර්ග වඩාත් සුවිශේෂ වී ඇත. ජාන විකෘතිතා ඇති පිළිකා සෛල මත පමණක් ඉලක්ක කරගනිමින් ප්‍රතිකාර ලබාදෙන ඖෂධ වල වර්ධනයේ කැපී පෙනෙන දියුණුවක් ඇති වීමත් සමගම එමගින් සාමාන්‍ය සෛල කෙරෙහි සිදුවන හානිය අවම කෙරේ. පිළිකා රෝගියෙකුගේ රෝගය සුව කිරීමට ඇති හැකියාව පිළික‍ාවේ වර්ගය එය කොතෙක් දුරට වර්ධනය වී ඇත්ද යන්න මත බලපායි. තවද එක් එක් පුද්ගලයන් සදහා නිශ්චිත ප්‍රතිකාර ක්‍රම නිර්ණය කිරීම සහ රෝගයෙහි තත්වය පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා පටක විද්‍යාත්මක වර්ගීකරණය සහ පිළික‍ා සදහා විශේෂිත අණුක සලකුණු උපකාරීවේ.

උපුටා ගත්තේ- http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F



ගැබ් ගෙල පිළිකා (cervical carcinoma)


ගැබ්ගෙල පිළිකාවක සත්‍ය ඡායාරූපයක්                    

         


කාන්තාවන්හට වැළදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකා දෙවැනි වන්නේ පියයුරැ පිළිකාවලට පමණි.

මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග තත්වයක් ලෙසද හැදින්විය හැක. ඊට හේතුව නම් ගැබ්ගෙල පිළිකාවක් ඇතිවීම සදහා හේතුවන ගැබ් ගෙලෙහි අපිච්ඡද ‍‍සෛල තුළ ජානමය වෙනස්කම් සිදු කළ හැකි වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමයි.එම නිසා මෙම පිළිකාව සෑදෙනුයේ ලිංගිකව සක්‍රීය කාන්තාවන්ට පමණි.

අඩු වයසේදී ලිංගිකව එක්වීම, පුරැෂයින් කිහිප දෙනෙකු ලිංගිකව ඇසුරු කිරීම වැනි හේතුන් නිසා මෙම පිළිකා ඇතිවීමට වැඩි අවදානමක් ඇත. සාමාන්‍යයෙන් වෛරස ආසාදානය සිදුවී වසර 15කට 20කට පමණ පසුව පිළිකා රෝග ලක්ෂණ ඇති වීම දැකිය හැක. එම නිසා ලංකාවේ ගැබ් ගෙල පිළිකා බොහෝ විට දැකිය හැක්කේ වයස අවුරැදු 45 ට 50 ට වැඩි කාන්තාවක් අතරයි. ඊට හේතුව ලංකාවේ කාන්තාවන් ලිංගිකව සක්‍රීය වන්නේ වයස අවුරැදු 25 ට 30 ට වැඩි අයවලුන් වීමයි. නමුත් බටහිර රටවල ඉතා අඩු වයසින් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීම නිසා වයස අවුරැදු 30-35 අතර කාන්තාවන් තුළ ද මෙම රෝග තත්වය දැකිය හැකිය.

ඕනෑම පිළිකාවක් ඉතා මූලික අවස්ථාවේදීම හදුනා ගැනීමට හැකි වුවහොත් එය සුව කිරීමට ඇති හැකියාව වැඩි වේ. නමුත් ගැබ් ගෙළ පිළිකාවෙහි ඇති භයානක කම නම් මූලික අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීමයි.


මාසික ශුද්ධිය සිදුවී දින කිහිපයකට පසු නැවත යෝනි මාර්ගය හරහා රැධිරය පිටවීම

ආර්ථවහරණය සිදු වීමෙන් පසු යෝනි මාර්ගයෙන් රැධිරය පිටවීම

යෝනි මාර්ගය හරහා සුදු පැහැති දුගදකින් යුත් ශ්‍රාවයක් පිටවීම

ලිංගිකව එක් වීමෙන් පසුව රැධිරය පිටවීම ගැබ් ගෙල පිළිකාවක දැකිය හැකි රෝග ලක්ෂණ වූවත්, එම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ පිළිකාව තරමක් දුරට හෝ වර්ධනය වී පැතිරී ඇති අවස්ථාවක පමණි.

එම නිසා එවිට පිළිකාව සම්පූර්ණයෙන් සුව කිරීම බො‍හෝ විට නොහැකිවනු ඇත. පිළිකාව මුල් අවස්ථාවේදීම හදුනා ගතහොත්, එනම් පිළිකාව ගැබ් ගෙලට පමණක් සීමා වී ඇත්නම් ශල්‍යකර්මයක් මගින් සම්පූර්ණ ගැබ්ගෙල, ගර්භාශය හා ඩිම්බ කෝෂද, යෝනි මාර්ගයේ ඉහළ කොටස ද ඉවත් කිරීම මගින් පිළිකාව බොහෝ දුරට සම්පූර්ණයෙන් සුව තත්වයට පත් කර ගත හැක.

නමුත් පිළිකාව වෙනත් පටක වෙත පැතිරී ඇති අවස්ථාවක හෝ මගින් පිළිකාව තරමක් දුරට මර්ධනය කළ හැක. නමුත් සම්පූර්ණයෙන්ම සුව කළ නොහැක. ගැබ් ගෙල පිළිකාවක් මුල් අවස්ථාවේ හදුනා ගත හැකි එකම ක්‍රමය නම් සුවනාරි සායනයක් වෙත ගොස් ගැබ්ගෙල පරීක්ෂාවක් සිදු කර ගැනීමයි. එහිදී ගැබ්ගෙල සෛල අන්වීක්ෂයක් මගින් පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.

උපුටා ගත්තේ-http://www.vog.lk/vogcmsdata/load_cms_content/25/%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%BD%20%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F/Cervical%20carcinomas













ස්තුතියි........        



No comments:

Post a Comment